SKIP TO MAIN CONTENT

ඉහළ යන විදුලිය බිල්පත් පිළිබඳ සාකච්ඡා කිරීමට අගමැති ටර්න්බුල් ලබන සතියේදී විදුලි සේවා ප්‍රධානීන්ව මුණ ගැසෙයි.

PM Turnbull will meet with the electricity chiefs in next week.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින ඉහළ යන බලශක්ති බිල්පත් පිළිබඳ සාකච්ඡා කිරීමට  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානපෙළේ විදුලි සේවා සමාගම් වල ප්‍රධානීන් මුණගැසීමට නියමිත බව වාර්තා වේ.

ඉහළ යන විදුලි බිල් ඔස්ට්‍රේලියාවේ නිවැසියන්ට සහ ව්‍යාපාර වලට මහත් පීඩනයක් බව සඳහන් කරමින් අගමැති ටර්න්බුල් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විදුලිය සැපයීමේ සමගම් අටෙහි ප්‍රධානීන් හට ලිපි යොමු කර ඇති බවද සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම, ඔස්ට්‍රේලියාවේ විදුලිය ක්ෂේත්‍රය සම්බන්ධව සකස් කළ අතුරු වාර්තාව ලබන මාසයේදී එලි දැක්වීමට නියමිත අතර එහි අවසාන වාර්තාව ලබන වසරේ ජුනි මාසයේදී නිකුත් කිරීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now