අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ ප්‍රධාන කරුණු
- ඉන්ධන මත බදු අඩකින් හා බර වාහන බදු සම්පූර්ණයෙන් ඉවතට
- පාස්කු නිවාඩුව සැහැල්ලුවෙන් ගත කරන්න
- අවශ්‍යතාවට පමණක් ඉන්ධන ලබා ගන්න
- අත්‍යවශ්‍ය සේවා සහ කෘෂි කර්මාන්තයේ නිරතවූවන් වෙනුවෙන් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න
- හැකි සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න
පවතින ගෝලීය ආර්ථික අර්බුධකාරී තත්වය හමුවේ ඉදිරි මාස කිහිපය අපහසු විය හැකි බවත් ඒ සඳහා සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලා සිටී
අග්‍රාමාත්‍ය වරයා ජාතිය අමතා සිදුකල ප්‍රකාශය විනාඩි තුනක ප්‍රකාශයක් වූ අතර කලින් පටිගත කල වීඩියෝවක් ලෙස බදාදා සවස 7ට ඔස්ට්‍රේලියාව පුරා විකාශනය කරන ලදී
ඉන්ධන මිල රටපුරා ඉහල යමින් පවතින අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන හිඟයක්ද දක්නට ලැබිණ. නමුත් මෙය දැඩි අර්බුධයක් ලෙස සඳහන් නොකිරීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කල බවක් පෙනෙන්නට තිබිණ
අගමැතිතුමා ජාතිය අමතා කල කතාව නරඹන්න:
යුධමය තත්වයකට ඔස්ට්‍රේලියාව මුහුණ දීම වැනි තීරණාත්මක අවස්ථා වලදී රාජ්‍ය නායකයින් භාවිතා කරන ජාතිය ඇමතීමේ ක්‍රමවේදය අග්‍රාමාත්‍ය වරයා මෙහිදී භාවිතා කළේය. මැදපෙරදිග යුධමය තත්වයට ඔස්ට්‍රේලියාව ඍජුව සම්බන්ධ නොවුනත් මේ ගැටලුව ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළයාමට තදින්ම බලපෑ බව ඔහු ප්‍රකාශ කර සිටී. සෑම ඔස්ට්‍රේලියානුවකුම පාහේ මේ හේතුවෙන් පීඩාවිඳින බවද ඔහු මෙහිදී පෙන්වා දෙන ලදී.
ජාතිය අමතා සිදුකල මෙම ප්‍රකාශයේදී මෙම ගැටලුවට මුහුණ දීමට අනුගමනය කෙරෙන නව ක්‍රියාමාර්ග පිළිබඳව සඳහනක් නොවූ අතර මින් පෙර සඳහන් කර තිබු කරුණු නෙවත ඉදිරිපත් කිරීමක් දක්නට ලැබිණ. ඒ අනුව පසුගියදා නිවේදනය කල ඉන්ධන මත පනවන බදු අඩකින් කපා හැරීම සහ ට්‍රක් රථ හිමියන් සඳහා සහන සලස්සීම වැනි කාරනා නැවත සඳහන් කිරීමක් සිදු විය.
එළඹෙන පාස්කු නිවාඩු කාලය සතුටින් ගත කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි නමුත් ඉදිරියේදී ඇතිවියහැකි අපහසු කාලසීමාවන් වලට මුහුණ දීම සඳහා ඉන්ධන පරිභෝජනයේදී සැලකිලිමත් වන ලෙසටද සඳහන් කළේය.
මීට අමතරව ඉදිරි කාලවලදී පොදුප්‍රවාහන සේවා වෙත යොමුවන ලෙසටත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
තත්වය නරක අතට හැරුනහොත් රජය තවදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ඇන්තනි ඇල්බනීසි පවසන නමුත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් කිරීමක් සිදු නොවීය.
දැනට ඉන්ධන සීමා කිරීම් අපේක්ෂා නොකරයි. නමුත් ගෝලීය ඉන්ධන අර්බුධය තවදුරටත් පවතින බැවින් , ස්වේච්ඡාවෙන් ඉන්ධන භාවිතාව සීමා කරන ලෙස රජය ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියාවට බලපාන තීරණාත්මක අවස්ථාවලදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරුන් මෙම ජාතිය ඇමතීමේ අවස්තාව භාවිතා කරයි
2020 වසරේ කොවිඩ් 19 වසංගතය ඇතිවන අවස්ථාවේ එවක අග්‍රාමාත්‍ය වරයා ලෙස කටයුතු කල ස්කොට් මොරිසන් මහතා ජාතිය අමාතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
2009 වසරේදී සොරාගත් පරපුර ලෙස හැඳින්වුණු ස්වදේශික 9ජන කොට්ටාස වලින් සමාව ඉල්ලීම සඳහා එවක අග්‍රාමාත්‍ය වරයාව සිටි කෙවින් රඩ් මහතා කටයුතු කරන ලදී.
ඉරානය යුද්ධයට 2003 වසරේදී ඕස්ට්‍රේලියානු හමුදා යැවීමේදී මේ ආකාරයට ජාතිය ඇමතීමට එවක අග්‍රාමාත්‍ය වරයාව සිටි ජෝන් හවර්ඩ් මහතා කටයුතු කළේය.

මෙවැනි අර්බුධයකට මුහුණ දීමට සකසා ඇති අදියර හතරකින් යුත් ජාතික ඉන්ධන සැලැස්මේ ඔස්ට්‍රේලියාව දැනට දෙවන මට්ටමේ සිටින අතර, ඉල්ලුම සහ මිල ගණන් ඉහළ ගොස් තිබුණද, මහජනතාවට කෙරෙන ඉන්ධන සැපයුම් මට්ටම් ස්ථාවරව පවතින බවට රජය අඛණ්ඩව සහතික වී ඇත.
බ්‍රහස්පතින්දා දිනයේදී අග්‍රාමාත්‍ය වරයා National Press Club මාධ්‍ය හමුවට එක්වීමට නියමිත අතර එහිදී ඔස්ට්‍රේලියාව මුහුණ දීමට සිදුවිය හැකි ආර්ථික අර්බුධ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
—————————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

