SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නගරයේ පික්පොකට් ගැසූ ශ්‍රී ලාංකිකයින් පොලීසිය විසින් කොටුකරගත් අයුරු පිලිබඳ සම්පුර්ණ විස්තරය මෙන්න

police police caught pickpockets in Melbourne
police police caught pickpockets in Melbourne Source: SBS Sinhala Radio

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පසුගිය මාස දෙක තුළ මෙල්බර්න් හි CBD හෙවත් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය තුලදී දුම්රිය හා ට්‍රෑම් රථ ජාලයන්හි සහ ජනප්‍රිය සාප්පු සංකීර්ණ වලදී පික් පොකට් කිරීම සහ සොරකම් කිරීම සම්බන්දව පුද්ගලයින් හත් දෙනෙකු ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය නිවේදනය කරයි.

මෙල්බර්න් කාර්ය සාධක ඒකකයේ (MTU) රහස් පරීක්ෂකයින් විසින් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් 7 දෙනෙකු පසුගිය සතියේදී සහ මේ සතියේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම මෙල්බර්න් කාර්ය සාධක ඒකකයේ පොලිස් සැරයන් ක්‍රිස් ඕ බ්‍රයන් ප්‍රකාශ කොට සිටියේ මෙල්බර්න් නගරයේ පොදු ප්‍රවාහන සේවයේ සහ සාප්පු සංකීර්ණවල සිදුවුණු මෙම පික් පොකට් ගැසීම් ඇතුළු සොරකම් පිළිබඳව පසුගිය මාස දෙකක කාලයක් තිස්සේ රහසිගතව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු බවයි.

"වික්ටෝරියා පොලිසිය මේ ආකාරයේ වරදක් බැරෑරුම් ලෙස සලකන අතර, ඕනෑම කෙනෙකුට අප දෙන පණිවිඩය නම් මෙවැනි වරද සම්බන්දව ඔබව අත්අඩංගුවට ගෙන නීතිය උපරිමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය."

බ්‍රහස්පතින්දා (ජනවාරි 16) උදේ වරුවේදී සන්ෂයින් සහ ටානේට් ( Sunshine and Tarneit) ප්‍රදේශ වල වරෙන්තු ක්‍රියාත්මක කරන ලද අතර එහිදී සැකකරුවන් හත් දෙනාගෙන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එම හතර දෙනා පහත පරිදි වේ

  • ඉන්දීය ජාතික 25 හැවිරිදි ගැහැණු ළමයෙක්
  • ශ්‍රී ලාංකීය 26 හැවිරිදි කාන්තාවක්
  • ශ්‍රී ලාංකීය 29 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
  • ශ්‍රී ලාංකීය 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

ජනවාරි 16 වන දින චෝදනා ලැබූ මෙම සිව්දෙනාට ඇප නියම කෙරුණු අතර නැවත අප්‍රේල් 14 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියම කෙරිණි.

මේ අතර ජනවාරි 7 වන දින පොලිසිය විසින් ඇල්බියන් (Albion) ප්‍රදේශය ආශ්‍රිතව වරෙන්තු ද ක්‍රියාත්මක කරන ලද අතර එහි ප්‍රතිපලයක් ලෙසට තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තිදෙනා නම්,

  • ශ්‍රී ලාංකීය 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
  • ශ්‍රී ලාංකීය 32 හැවිරිදි කාන්තාවක්
  • ඉන්දීය 35 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්

මොවුන් තිදෙනාට එරෙහිව ජනවාරි 8 වන දින චෝදනා ගොනුකරනු ලැබුණු අතර නැවත අප්‍රේල් 14 වනදා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ඇප නියම කෙරිණි.

තවද මොවුන් විසින් සොරකම් සියයකට අධික ප්‍රමාණයක් සිදුකරනු ලැබ ඇති බවද, මොවුන් සතුව තිබූ ඩොලර් 20,000 කට අසන්න ප්‍රමාණයක් වුනු මුදල් ද අත්අඩංගුවට ගෙන ඇතිබවද වාර්තා වේ.

** වික්ටෝරියා පොලිසියේ මාධ්‍ය ඒකකය විසින් ලබාදුන් තොරතුරු ඇසුරිනි.

 

SBS සිංහල සේවයට සවන්දිය හැකි අයුරු

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now