දින නමයකට එක් කාන්තාවක් ගෘහස්ත හිංසනය නිසා මිය යන ඕස්ට්‍රේලියාවේ හද කම්පා කරවන තවත් ගෘහස්ත හිංසන සිදුවීමක් (SBS සිංහල / වාර්තා)

s

Source: Facebook

ඕස්ට්‍රේලියාවේ සිදුවන ගෘහස්ත හිංසන නිසා සිදුවන අපරාද තුලින් තවත් එක් සෝචනීය සිදුවීමක් ක්වීන්ස්ලන්තයෙන් වාර්තා විය. Rowan Baxter නම් පුද්ගලයෙකු ඔහුගේ බිරිද වූ Hannah සහ දරුවන් තිදෙනා මෝටර් රථයකදී ගිනි තබා මරණයට පත් කොට ඇති බවට පැවසෙන අතර ඔහුද ඉන්පසු සිය දිවි හානි කර ගෙන තිබේ.
ක්වීන්ස්ලන්ත පොලීසිය වාර්තා කරන්නේ මෙම පුද්ගලයා පිළිබද ගෘහස්ත හිංසන වාර්තා තිබු බවයි. මෙම සිදු වීම වීමට පෙර ද මෙම යුවල සහන සේවා සදහා යොමු කොට තිබු බවද සදහන්. එසේම ගෘහස්ත හිංසනය නිසා මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට තහනම් නියෝගයක් එක වරක් පනවා තිබුනද එම පැමිණිල්ල සිදු කලේ කවුද යන කරුණ හෙළි කොට නැහැ. ක්වීන්ස්ලන්ත පොලිස් පරීක්ෂක Mark Thompson පවසන්නේ මෙය මරා ගෙන මැරෙන දිවිනසා ගැනීමක් ලෙස තහවුරු වී නැතත් ඒ පිළිබද සැක කල හැකි බවයි. 

ඔහු ප්‍රකාශ කලේ මෙම පවුල පිළිබද කරුණු දන්නා පුද්ගලයනට ඉදිරියට එන ලෙසයි.

මෙම අවස්ථාවේ Hannah ඇගේ දරු තිදෙනා වන 6 හැවිරිදි ආලියා , 4 හැවිරිදි Laianah හා 3 හැවිරිදි Trey පාසලට ගෙන යමින් සිටි ඇති අතර Rowan එහිදී බලෙන්ම එම මෝටර් රථයේ මගී අසුනට පැන දරුවන් හා ඇයට  පෙට්‍රල් වත් කොට ගිනි තබා තිබේ. එම දරුවන් තිදෙනා එතනම  මිය ගොස් ඇති අතර , Hannah ඇති වූ තුවාල නිසා රෝහලේදී මිය ගොස් ඇත.

Hannah ගේ පියා වන Lloyd Clarke හා එම පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඛේදවාචකය පිලිබද සිය ශෝකය හා ආවේගය එලි දක්වා තිබේ. ඇගේ සොහොයුරාගේ බිරිද විසින් ආරම්භ කරන ලද facebook මුදල් රැස් කිරීම මගින් ඩොලර් 94,000 ඔවුන්ගේ අවමගුල් සදහා රැස් කොට ඇති බවද වාර්තා වේ.
s
Source: Facebook

මෙම යුවල සතුව බ්‍රිස්බන් හි ව්‍යායාම හා සම්බන්ධ ව්‍යාපාරයක්  සතුව තිබී ඇත.

අග්‍රාමාත්‍ය Scott Morrison පවා මෙම සිදුවීම පිළිබද කම්පනය ප්‍රකාශ කොට තිබේ. මෙම සිදුවීම තුලින් ගෘහස්ත හිංසන ක්‍රියා වලදී කල් තබා ප්‍රතිචාර දැක්වීම පිණිස වඩා හොද දීර්ඝ කාලීන ප්‍රතිපාදන අවශ්‍ය බව පෙන්වන බව Our Watch සංවිධානයේ Patty Kinnersly පවසයි. ඇ පවසන්නේ මෙය ජාතික හදිසි අවශ්‍යතාවක් ලෙස සැලකිය යුතු බව.

වසර 2014-2016 කාලය තුල සෑම දින 9කටම එක කාන්තාවක් ගෘහස්ත හිංසනය නිසා මිය ගිය බවට හෙළිව තිබේ.

ගෘස්හස්ත හිංසන සිදුවීම් වාර්තා කිරීම හෝ ආධාර සදහා 1800RESPECT -1800 737 732 අමතන්න

1800RESPECT.org.au වෙබ් අඩවිය තුලින් තොරතුරු ලබා ගන්න 

හදිසි අවස්තාවකදී 000 අමතන්න 

Lifeline crisis support - 13 11 14

Kids Helpline - 1800 55 1800

 

 


Share

Published

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
දින නමයකට එක් කාන්තාවක් ගෘහස්ත හිංසනය නිසා මිය යන ඕස්ට්‍රේලියාවේ හද කම්පා කරවන තවත් ගෘහස්ත හිංසන සිදුවීමක් (SBS සිංහල / වාර්තා) | SBS Sinhala