මෙල්බර්න් අධිවේගී මාර්ගයකදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට එම ස්ථානයේදීම මරු කැඳවනු ලැබූ දරුණු අනතුර

Police death incident in Melbourne freeway

Police death incident in Melbourne freeway

මෙල්බෙර්න් හි Freeway අධිවේගී මාර්ගයකදී ඊයේ සවස සිදුවූ අනතුරකින් වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් නිලධාරීහු 4 දෙනෙක් ජිවිතක්ෂයට පත්වෙති. Eastern Freeway අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වුනු Porsche වර්ගයේ සුපිරි මෝටර් රථයක් හඹා ගොස් රියදුරා පරික්ෂාවට බඳුන් කරමින් සිටි අවස්ථාවේදී පොලිස් රථය වෙත කඩාවැදුණු ට්‍රක්‌ රථයක් හේතුවෙන් මෙම දරුණු අනතුර සිදුව තිබේ. Kew ආශ්‍රිත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්.

ඊයේ සවස පැයට කිලෝමීටර 140 ක වේගයෙන් ධාවනය කරමින් සිටි මෙම රියදුරා පොලිසිය විසින් නතර කරනු ලබා ඇති අතර එහිදී සිදුකෙරුණු පරීක්ෂණ වලදී ඔහු යම් මත්ද්‍රව්‍යක් භාවිතයට ගෙන ඇති බවද හෙළිව තිබේ.

අනතුරින් තුවාල ලැබූ ට්‍රක් රථ රියදුරා මේවන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකොට ප්‍රතිකාර ලබමින් සිටී. Porsche රථයේ රියදුරා එම අවස්ථාවේදී පලාගොස් තිබුනද ඊයේ (22 April) රාතියේදී ඔහු පොලිසිය සමඟ සම්බන්දවී ඇති බවද වාර්තා වේ.

මෙම අනතුරින් එම ස්ථානයේදීම මියගොස් ඇති 4 දෙනෙකුගෙන් යුතු පොලිස් නිලධාරී කණ්ඩායමට කාන්තා ජ්‍යෙෂ් පොලිස් කොස්තාපල්වරියක්, පිරිමි ජ්‍යෙෂ් කොස්තාපල්වරයෙක් සහ තවත් පිරිමි කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළත් බව වාර්තා වේ. ඔවුන්ගෙන් එක් අයෙක් මෑතකදී වික්ටෝරියා පොලිසියට බැඳුනු අයෙකි.

මෙය වික්ටෝරියානු පොලිස් ඉතිහාසයේ විශාලතම තනි ජීවිත හානිය බව, වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන පොලිස් කොමසාරිස් ග්‍රැහැම් ඇෂ්ටන් පවසා සිටී .

රාජකාරියෙහි යෙදී සිටියදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගිය නිලධාරීන් වීරයන් ලෙසට සලකනුන් ලබන බව පොලිස් කටයුතු පිලිබඳ අමාත්‍ය ලීසා නෙවිල් පවසා සිටියාය.

*** SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු පහතින් *** 

.
. Source: SBS Sinhala radio

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now