Djokovic වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් pepper spray කද්දී, ඔහුට නිසි ලෙස සලකන්නැයි සර්බියා අගමැතිත් මොරිසන්ට කියයි (වීඩියෝ සහිතයි)

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියානු අගමන රැඳවුම් භාරයෙන් නිදහස් කලද ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke හට ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට හැකියවක් පැවතීම මේ වනවිට දැඩි අවධානයකට යොමුව තිබේ.

Police pepper spray Djokovic supporters following release

Polícia tenta dispersar apoiadores de Djokovic em Melbourne usando spray de pimenta. Grupo se reuniu no centro da cidade após anúncio de que Novak foi liberado Source: AP

Highlights
  • Djokovic ගේ අයිතිවාසිකම් සුරකින ලෙසට සර්බියානු අගමැතිවරියගෙන් ප්‍රකාශයක්
  • අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ගේ සිදුවීම, ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තරය හමුවේ විහිළුවක් බවට පත් කල බවට චෝදනා
  • Djokovic නඩු තීන්දුව පිළිබඳව සරණාගතයින් සඳහා වන නීතිඥයින්ගේ දැඩි අවධානයට
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සහ සර්බියානු අගමැති Ana Brnabić සමග සෘජු සාකච්චා සිදුකොට ඇති වාර්තා වේ.

Djokovic ගේ අයිතිවාසිකම් සුරකින ලෙසට සර්බියානු අගමැතිවරියගෙන් ප්‍රකාශයක්

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සහ සර්බියානු අගමැතිවරිය වන Ana Brnabić අතර පැවති සාකච්චා අතරතුරදී සර්බියානු අගමැතිවරිය වන Ana Brnabić සඳහන් කොට ඇත්තේ Novak Djokovic හට ඕස්ට්‍රේලියාවේදී සාධාරණ වශයෙන් සලකන ලෙස සහ ඔහුගේ අයිතිවාසිකම් සුරකින ලෙසයි.

පසුගිය සතියේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය ඉවත් කරන ලෙසට ෆෙඩරල් අධිකරණය මගින් තීන්දු කිරීමෙන් පසු සඳුදා Djokovic සංක්‍රමණ රැඳවුම් භාරයෙන් නිදහස් විය.

කෙසේ නමුත් මෙම තීරණයෙන් බැහැරව ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍යවරයා හට ඔහුගේ පුද්ගලික තීරණය මත Djokovicගේ වීසා අවලංගු කිරීමට හැකියාව පවතී. නමුත් මේ සම්බන්ධයෙන් ආගමන අමාත්‍ය Alex Hawke සඳහන් කොට ඇත්තේ Djokovicගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම සඳහා තම අභිමතය පරිදි බලතල භාවිතා කරන්නේද යන්න පිළිබඳව තවදුරටත් සලකා බලන බවයි.

ඔස්ට්‍රේලියාව තුලදී Djokovic හට සිදු කල සැලකීම සම්බන්ධයෙන් සර්බියානු ජනපති Aleksandar Vučić සඳහන් කොට සිටියේ එය හුදෙක්ම ඔහුට හිරිහැර කිරීමක් වන බවයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න

 


කෙසේ නමුත් සිදු වූ දුරකථන සංවාදය අතරතුරදී මෙම තත්වය සම්බන්ධයෙන් තමන් සමග සෘජු ලෙස සම්බන්ධ වන ලෙසත්, රජයන් දෙක අතර අදාළ තොරතුරු හුවමාරු කරගන්නා ලෙසත් සර්බියානු අගමැතිවරිය අගමැති මොරිසන් හට සඳහන් කොට ඇතැයි වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු දේශසීමා ප්‍රතිපත්ති වෙනස් නොකිරීම මගින් ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීමට කටයුතු කල බව අගමැති මොරිසන් මෙහිදී සඳහන් කොට ඇති නමුත් සර්බියානු අගමැතිවරිය සඳහන් කොට ඇත්තේ මෙම සති අන්තයේ ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා පුහුණුවීම් සහ ශාරීරික සූදානම සඳහා Djokovic හට සුදුසු වාතාවරණයක් සකසන ලෙසයි.

අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ගේ සිදුවීමෙන්, ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තරය හමුවේ විහිළුවක් වූ බවට චෝදනා

මේ අතර ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ගේ සිදුවීම, ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තරය හමුවේ විහිළුවක් බවට පත් කල බව කම්කරු පක්ෂ Kristina Keneally පවසයි. ඇය පෙන්වා දෙන්නේ මෙමෙ සිදුවීම මගින් ජාත්‍යන්තරය හමුවේ ඕස්ට්‍රේලියා කීර්තිනාමයට දැඩි හානියක් සිදුවූ බවයි.
Shadow Minister for Home Affairs Kristina Keneally in the Senate chamber at Parliament House.
Shadow Minister for Home Affairs Kristina Keneally in the Senate chamber at Parliament House. Source: AAP
ක්‍රීඩක Novak Djokovic මෙරටට ගෙන්වීමේදී ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය නිසි සැලසුමක නොසිටීම මත මෙය සිදුව ඇති බව ඇය පෙන්වා දෙයි.

Kristina Keneally වැඩිදුරටත් පවසන්නේ ඔහු පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කළහොත් එමගින් ඔස්ට්‍රේලියාවට ඇදහිය නොහැකි හානියක් සිදුවන අතර ඔහු මෙරට රැඳී සිටියහොත් ඕස්ට්‍රේලියානු දේශසීමා ප්‍රතිපත්ති සඳහා දැඩි හානියක් සිදු කරන බවයි.

එමෙන්ම මෙමගින් lockdown තත්වයේ සිටි සහ කෝවිඩ් කාලයේ එන්නත් වැඩසටහන සඳහා සම්බන්ධ වූ සියලුම ඕස්ට්‍රේලියානුවන් හට සිදු කරන සැබෑ අපහාසයක් වන බවත් ඇය අවධාරණය කොට සිටී.

Novak Djokovic ගේ අභියාචනය සම්බන්ධයෙන් කටයුතු කල විනිසුරුවරයා සඳහන් කොට සිටින්නේ මෙය දේශපාලන ගැටළුවක් බවට පත්කරගැනීම සිදු නොකළයුතු බවයි.

Djokovic නඩු තීන්දුව පිළිබඳව සරණාගතයින් සඳහා වන නීතිඥයින්ගේ දැඩි අවධානයට

මෙම නඩු තීන්දුව මේ වනවිට ඕස්ට්‍රේලියානු සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.

Refugee Council of Australia හි ප්‍රධාන විධායක නිලධාරී Paul Power සඳහන් කොට සිටින්නේ Djokovic සිදුකල අභියාචනය ඉක්මනින් භාරගැනීම සහ එම ක්‍රියාවලිය ඉක්මනින් සිදු කිරීම ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ බොහෝ කාලයක් පීඩා විඳි සරණාගතයින් හට සිදු කල අමානුෂික සැලකීමක් වන බවයි.
The front gate of the Villawood Detention Centre in Sydney.
The front gate of the Villawood Detention Centre in Sydney. Source: AAP
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව සිය අනිවාර්ය රැඳවුම් ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවට ලෝක වේදිකාවේ ඉස්මතු කිරීම සඳහා ටෙනිස් ක්‍රීඩකයකු රඳවා තබාගැනීම කණගාටුදායක වන බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ විශේෂ සංක්‍රමණික වාර්තාකරු Felipe González twitter පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත්තේ Djokovic ගේ මෙම නඩු තීන්දුව සෑම කෙනෙකුටම අදාළ වන බවට ඔස්ට්‍රේලියාව සහතික කළ යුතු බවයි.

Share

Published

By Nipuna Dodangoda
Source: Reuters, AP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Djokovic වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් pepper spray කද්දී, ඔහුට නිසි ලෙස සලකන්නැයි සර්බියා අගමැතිත් මොරිසන්ට කියයි (වීඩියෝ සහිතයි) | SBS Sinhala