SKIP TO MAIN CONTENT

නිවෙස්දී බෝම්බයක් සාදා ගුවන් යානයක් පුපුරවා හැරීමට සූදානම් වෙමින් සිටි ත්‍රස්ත සැකරුවන් පිරිසක් සිඩ්නි නුවරදී පොලිස් අත් අඩංගුවට.

Sydney terror plot
Police search for evidence Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ත්‍රස්තවාදය වැළක්වීමේ ක්‍රමවේදය යටතේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේ  සිඩ්නි නුවර සිදු කළ හදිසි ආරක්ෂක වැටලීම් හේතුවෙන් සැකකටයුතු පුද්ගලයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

දැව කොටස් සහ පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් නිවෙස්දී බෝම්බයක් සාදා එමගින් ගුවන් යානයක් පුපුරවා හැරීමට  සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.

සිඩ්නි නුවර Surry Hills, Lakemba, Wiley Park සහ Punchbowl යනාදී ප්‍රදේශ වල නිවාස 5 ක් මෙම වැටලීම් වලට හසුවී තිබේ.

මේ සම්බන්ධව අද දිනයේත් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් සෝදිසි මෙහෙයුම් පවත්වන බව නිවේදනය කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියා සඳහා වැට බැඳ ඔස්ට්‍රේලියාව වාසය කිරීමට වඩාත් ආරක්ෂාකාරී රටක් බවට පත් කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ඔස්ට්‍රේලියාවේ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan පවසයි.

ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් පසුගිය කාලය තුළ පෙරාතුවම ව්‍යක්ත කළ 13 වන ත්‍රස්තවාදී කුමන්ත්‍රණය මෙය බවද අමාත්‍යවරයා Sky  පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now