SKIP TO MAIN CONTENT

සමාජ ජාල ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන පුද්ගලයින්ට දැඩි දඬුවම්.

Social Media
Source: www.mediabistro.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් ද යොදවා ඇති බව ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වඳ බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය  ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් ශ්‍රී ලංකාවේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now