SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ යුධ විරුවන් සම්බන්ධව අධිකරණ ක්‍රියා මාර්ග නොගන්නා බවට දේශපාලකයින් ලබා දෙන පොරොන්දු නීතිය හමුවේ පිළිගත නොහැකි: එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත Pablo de Greiff

Politics of Sri Lanka
Source: Colombo Gazette

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ අර්බුද නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් ඊයේ  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමෙන් එක් පාර්ශ්වයකට පමණක් ප්‍රතිලාභ හිමි නොවන බව පැවසු පැබ්ලෝ ද ග්‍රෙයිෆ්, ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තිය යනු කුමක්දැයි නිවැරැදිව හඳුනාගත යුතු බව ද පැවසුවේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා යනුවෙන්ද ඔහු එහිදී සඳහන් කළේය.

දින 14ක මෙරට සංචාරය අවසන් කරමින් නිර්දේශ සහිත වාර්තාවක් ද ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව පුළුල් සංක්‍රාන්ති යුක්තිය උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බව ද යෝජනා කර තිබේ.

එමෙන්ම යුධ විරුවන් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ක්‍රියා මාර්ග නොගන්නා බවට දේශපාලකයින් ලබා දෙන පොරොන්දු නීතිය හමුවේ පිළිගත නොහැකි බවද ඔහු එහිදී පැවසීය.

Daily Mirror සහ අද දෙරණ ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now