SKIP TO MAIN CONTENT

බටහිර පොප් සංගීත ලෝකයේ විප්ලවකාරි කුමාරයා ලෙස විරුධාවලියලත් ප්‍රින්ස් අප්‍රකටව මියගොස් ....හේතුව තවමත් අනාවරනය වී නැහැ ..

The American pop singer Prince
The American pop singer Prince Source: The American pop singer Prince.jpg

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

සංගීත කරළියේ පෙරළියක් කළ ප්‍රින්ස් (57) සිය නිවසේදී මියගොස් තිබේ.

බටහිර පොප් සංගීත ලෝකයේ විප්ලවකාරි කුමාරයා ලෙස විරුධාවලියලත්  ප්‍රින්ස් අමෙරිකාවේ - මිනසෝටා හි සිය නිවසේදී මියගොස් ඇත.

ප්‍රින්ස්ගේ මරණයට හේතුව අනාවරණය වී නැති අතර පසුගිය අප්‍රේල් 15 වැනිදා ඔහු  සංදර්ශනයකට සහභාගි වෙමින් සිටියදී හදිසියේ රෝගාතුර වී තිබිණ.

අනතුරුව වෛද්‍ය උපදෙස් මත නිවසේ විවේකයෙන් සිටියදී මරණය සිදුව ඇති අතර ඒ ඔහුගේ පේස්ලි උද්‍යාන මන්දිරයේ විදුලි සෝපානයකදීය.

එම අවස්ථාවේ වෛද්‍ය කණ්ඩායමක් ගෙන්වා ගැනීම සඳහා පොලීසියට ද දැනුම්දී ඇති බව පැවසෙන අතර ඒ අනූව මේ ගැන පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

1958 වසරේ උපත ලද ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් හෙවත් පොප් සංගීත ලෝකය හඳුනාගත් ප්‍රින්ස් සුපිරි තරුවක් වන්නේ 1980 දශකයේදීය.

රොක්, ෆන්ක් සහ ජෑස් යන සංගීත ක්‍රම රැසක පැතිරි ප්‍රින්ස්ගේ සංගීත නිර්මාණ හැකියාව මූර්තිමන් වන්නේ ඔහු තමාගේ සියලූ ගීත ලියා සංගීතය රචනය කොට නිෂ්පාදනය කිරීම හේතුවෙනි. ඒ අනූව ඔහු සුපිරි තරුවක් කළ ගීත ඇල්බමය ලෙස පර්පල් රේන් සැලකෙයි.

1984 වසරේදී ඊට ඔස්කාර් සම්මානය ද හිමිවූ අතර නවමු සංගීත නිර්මාණ රැසක් ලොවට බිහිකළ ප්‍රින්ස්ගේ ගීත ඇල්බම මිලියන 100 කට වඩා ලොව පුරා අලෙවි වී ඇත.

2004 වසරේදී ප්‍රින්ස් රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ සදාතනික විශිෂ්ඨයන් අතරට නම් කෙරුණේ ඔහු රොක් සංගීතයේ රීතිය නැවත ලියූ නිසාය

වේදිකාව මත අපූර්ව රංගන ශිල්පියෙකු වූ ගායක ප්‍රින්ස්ගේ හදිසි අභාවය ගැන ලොව පුරා සංගීතවේදීන් කම්පාවත් සංවේගයත් පළ කරමින් සිටී ...


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now