"Prayer for Unity and Healing" - අනෝන්‍ය සුහදතාවය වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගුකල දකුණු ඔස්ට්‍රේලියානු ඉස්ලාමිය සංගමය

"Prayer for Unity and Healing"

"Prayer for Unity and Healing" - Adelaide Source: SBS Sinhala

මුළු ශ්‍රී ලංකාවම කම්පා කරමින් අප්‍රේල් 21වැනි දා සිදුවූ සහාසික ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටින් පිට ජීවත් වන ලාංකිකයන් විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ශෝකය ප්‍රකාශ කිරීම දක්නට ලැබුනා. මේ අතරින් මැයි මස 12 වන ඉරිදා දකුණු ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික මුස්ලිම් සංගමය සංවිධානය කල "Prayer for Unity and Healing" වැඩසටහන, දකුණු ඔස්ට්‍රේලියානු ඉස්ලාමිය සංගමයේ අල්-සලාම් ශාලාවේ දී පැවැත්වුනා. ආගමික නායකයින් සහ සියලු ශ්‍රී ලාංකික කතෝලික, බෞද්ධ සහ හින්දු සංගම් නියෝජනය කරමින් ලංකික සහෝදර සහෝදිරියන් ඔවුන්ගේ සහයෝගය පළකරමින් මෙම වැඩසටහනට සහභාගි වීම මෙහි සාර්ථකත්වයට ඉවහල් වුන කරුණකි.

දකුණු ඕස්ට්‍රේලියාවේ ඉමාම්වරුන්ගේ කවුන්සිලය නියෝජනය කරමින් මෙම අවස්ථාවට Vandana සහ Marion මස්ජිදයන් වල ඉමාම් වරුන්ද මෙම අවස්ථාවට එක්වූහ. The Centre for Islamic Knowledge and Thought ආයතනයේ මහාචාර්ය මොහමඩ් අබ්දල්ලා ප්‍රධාන දේශනය ඉදිරිපත් කළේය.


 

මෙහිදී සියයකට අධික සහභාගිවූවන් අතරින් විශේෂ අමුත්තියක් ලෙස පැමිණ කාගේත් හදවතට දැනෙන අයුරින්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිනමන් ග්රෑන්ඩ් හොටලයේ සිට තම දිවි රැකගෙන ඔස්ට්‍රේලියාවට පැමිනීමට සමත් වුන ඕස්ට්‍රේලියානු කාන්තාවක් ඇයගේ නිවාඩු සංචාරයේ මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් කියා සිටියේ කාගේත් නෙතට කඳුලක් ගෙන දෙමිනි.


 

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා පාරම්පරික සම්ප්‍රදායක් ලෙස රමසාන් මාසයේ තම ආහාර පාන සියලු අසල්වාසින්, මිතුරන් සමග බෙදා ගැනීම සිරිතකි. මෙම උත්සවය අවසන් වුයේද පැමිණ සිටි සියල්ලන්ට ලාංකික ක්‍රමයට සකසන ලද රාමසාන් ආහාර පාන බෙදා දීමත් සමගයි.

*දකුණු ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික මුස්ලිම් සංගමය වෙනුවෙන් ආකිල් හනිෆා සැපැයූ තොරතුරු ඇසුරිනි.

 

How to listen SBS Sinhala Radio
How to listen SBS Sinhala Radio


Share

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now