ඇමෙරිකාවේ XBB.1.5 ප්‍රභේදය වැඩිවීමත් සමඟ චීනය, හොංකොං සහ Macau සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ ඇරඹේ

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Australia asks mandatory Covid-19 test from Chinese travelers

SYDNEY, AUSTRALIA - JANUARY 5: International travelers arrive at Sydney Airport in Sydney, Australia on January 5, 2023. Source: Anadolu / Anadolu Agency via Getty Images

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල මේ සතියේ නව COVID-19 රෝගීන්ගේ තවත් ස්ථාවර අඩුවීමක් දක්නට ලැබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 27,665 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 19,793 ක් වාර්තා කර තිබේ.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් මරණ 32 ට සාපේක්ෂව මේ සතියේදී කොවිඩ් මරණ 77 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මේ සතියේදී කොවිඩ් ආසාදිතයින් 12,349 ක් සහ මරණ 108 ක් සටහන් වී ඇත.

චීනය, හොංකොං සහ Macau සිට ඔස්ට්‍රේලියාවට ඇතුළු සංචාරකයින්ට ඍණාත්මක කොවිඩ් ප්‍රතිඵලයක් පෙන්වීම අනිවාර්ය කර තිබේ.

ඔවුන් තමන්ගේ නියමිත පිටත්වීමේ වේලාවෙන් පැය 48ක් ඇතුළත සිදු කරන ලද Rapid Antigen Test (RAT) හෝ PCR, LAMP සහ TMA ඇතුළත් වන සෘණ Nucleic Acid Amplification Technology (NAA) පරීක්ෂණයක ඍණාත්මක කොවිඩ් ප්‍රතිඵලයක් පෙන්විය යුතුය.

RAT භාවිතා කරන්නේ නම්, එය සහතිකයක් නිකුත් කළ යුතු වෛද්‍ය වෘත්තිකයෙකු විසින් අධීක්ෂණය කළ යුතුය.

ප්‍රමාණවත් මහජන දායකවත්යක් නොමැතිකම සහ වයිරසය සමඟ ජීවත් වීමට රටේ ප්‍රවේශය සමඟ නොගැලපීම හේතුවෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් සඳහා COVID-19 පරීක්ෂණ හඳුන්වා නොදෙන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly වත්මන් කම්කරු පක්ෂ රජයට පැහැදිලිවම උපදෙස් දී ඇති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, චීනයේ COVID තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නොමැතිකම පෙන්වා දෙමින් මෙම නීති හඳුන්වා දුන් බව රජය පවසයි.

චීනයේ විදේශ අමාත්‍යාංශය විසින් චීනයෙන් පැමිණෙන සංචාරකයින්ට COVID ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන රටවල් “පිළිගත නොහැකි” රටවල් ලෙස ලේබල් කර ඇති අතර, සිදුවිය හැකි අන්‍යෝන්‍ය ක්‍රියාවන් පිළිබඳව අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඔවුන්ගේ තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා චීනයේ CDC හි විද්‍යාඥයින් හමුවී ඇති අතර අතිරේක විශ්ලේෂණය සහ අනුක්‍රමික දත්ත බෙදාගැනීමේ තීරනාත්මක අවශ්‍යතාවය නැවත අවධාරණය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, Omicron හි නව උප ප්‍රභේදය, XBB.1.5 මේ වන විට රටවල් 29 කින් අනාවරණය වී ඇති අතර, ඇමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

එය මෙතෙක් අනාවරණය වී ඇති වඩාත්ම සම්ප්‍රේෂණය විය හැකි උප ප්‍රභේදය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ Maria Van Kerkhove පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම COVID-19 වසංගත රෝග යාවත්කාලීනයට අනුව, ලොව පුරා සතිපතා රෝගීන් සහ මරණ පිළිවෙලින් 22% කින් සහ 12% කින් අඩු වී ඇත.

කොවිඩ් පරීක්ෂණවල අඩු කිරීම් සහ ප්‍රමාදයන් යන දෙකම හේතුවෙන්, මෙම දත්ත "අසම්පූර්ණ" වන අතර එය සැබෑ සංඛ්‍යාව අවතක්සේරු කිරීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රටවල මට්ටමින් සතිපතා වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජපානය, කොරියානු ජනරජය, ඇමෙරිකාව, චීනය සහ බ්‍රසීලයෙනි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory  Queensland

South Australia  Tasmania  Victoria  Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania Victoria Western Australia


Share

3 min read

Published

Updated

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now