Key Points
- පසුගිය නොවැම්බර් මාසය සඳහා ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ පාරිභෝගික මිල දර්ශකය 4.3% ක් වශයෙන් සඳහන් විය. එය වසර දෙකකට ආසන්න කාලයක් තුළ අඩුම වාර්ෂික වැඩිවීම වේ.
- අඩු උද්ධමනය හේතුවෙන් මෙම වසර මැද භාගයේ සිට පොලී අනුපාත අඩු කිරීම සිදු විය හැකි බව වෙළඳපල විශ්ලේෂකයින් විශ්වාස කරයි.
- පසුගිය මාස 19 තුළ මිල ඉහළ ගිය තරම් ඉක්මනින් පොලී අනුපාත අඩු වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී පොලී අනුපාත 4.35% හි පැවති අතර, ඒ ඔස්සේ ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකු ප්‍රධානියා නව වසරේ තවත් ඉහල දැමීමක් සඳහා මග සැලසීම සිදු කළේය.
කෙසේ නමුත්, පසුගිය සතියේ වාර්තා වූ දත්ත මගින් පොලී අනුපාත කප්පාදුවක් වනු ඇති බවට මේ වනවිට මත පලවෙමින් තිබේ.
මාස 19ක් තුළ ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත 13 වතාවක් ඉහළ ගිය අතර 2024දී එය පහළට යා හැකිද යන ගැටලුවද මතුව තිබේ.
පොලී අනුපාත අඩු කිරීම සම්බන්ධයෙන් වන ප්‍රධාන ලක්ෂණ
2023 වසරේ සිදු කල අවසන් රැස්වීමේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාත ඉහල නොදමා රඳවා තබා ගැනීම සිදු කළේය.
මධ්‍යම බැංකු ආණ්ඩුකාර Michele Bullock පෙන්වා දුන්නේ උද්ධමනය සාධාරණ කාල රාමුවක් තුළ අදාළ ඉලක්කයට නැවත පැමිණීම සහතික කිරීම සඳහා "මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට" අවශ්‍ය විය හැකි බවයි.

නවතම පාරිභෝගික මිල දර්ශකය ආර්ථික විද්‍යාඥයින් බලාපොරොත්තු වූවාට වඩා අඩු උද්ධමන අනුපාතයක් පෙන්නුම් කළ අතර, මේ හේතුවෙන් පොලී අනුපාත වැඩිවීම් අවසන් කළ හැකිද යන්න සම්බන්ධයෙන් අවධානයක් යොමුව තිබේ.
මිල ගණන් 4.4%කින් ඉහළ ගොස් ඇති බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දී ඇති නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී 4.9% සිට නොවැම්බර් මාසයේදී 4.3% දක්වා අඩු වී ඇත.
SBS සේවය සමඟ සම්බන්ධ වූ ඇතැම් වෙළඳපල විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ සැලකිය යුතු ආර්ථික වෙනසක් සිදු නොවන්නේ නම්, උද්ධමනය මන්දගාමී වීම, මධ්‍යම බැංකු පොලී ඉහලදැමීමේ අවසානය පෙන්නුම් කරන බවයි.
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොලී අනුපාත අඩු කරන්නේ කවදාද?
Deloitte Access Economics හවුල්කරු Stephen Smith පෙන්වා දෙන්නේ උද්ධමන සංඛ්‍යා ඔස්සේ පෙබරවාරි මාසයේ පොලී අනුපාත වැඩිවීමක් හෝ මෙම චක්‍රයේදී තවත් පොලී අනුපාත වැඩිවීමක් සිදු නොවන බව පෙන්වා දෙන බවයි.
ඔස්ට්‍රේලියාව පොලී අනුපාතවල උච්චතම ස්ථානයට පැමිණ ඇති බවත් 2024 දී යම් පොලී අනුපාත කප්පාදුවක් සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් Stephen කියා සිටී.
————————————————————————————————————————————-
ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න
————————————————————————————————————————————-
මෙය බොහෝ විට සැප්තැම්බර් මසදී සිදු විය හැකි බවත් ඔහු පවසයි.
පොලී අනුපාත කපා හැරීමට පෙර උද්ධමනය හොඳින් පාලනය කර ඇති බවට සහතික වීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවට අවශ්‍ය වේ.
කෙසේ නමුත් අනාගත පොලී අනුපාත අඩු කිරීම් ද යම් ඍණාත්මක බලපෑම් ඇති කළ හැකි බව Stephen පවසයි.
පොලී අනුපාත අඩු වූ විට ණය හිමියන් ප්‍රතිලාභ ලබන අතර, ඒ සමගම විශ්‍රාමික පිරිසගේ ඉතිරිකරන මුදල් අඩු වන බව ඔහු කියා සිටී.
අගෝස්තු මාසයේ ගාස්තු අඩු කිරීමේ හැකියාව
eToro හි වෙළඳපල විශ්ලේෂක Josh Gilbert පැවසුවේ නවතම උද්ධමන දත්ත සමඟ අගෝස්තු මාසය වන විට පොලී අනුපාත කප්පාදු විය හැකි බවට තමන් විශ්වාස කරන බවයි..
පරිභෝජනය මන්දගාමී වීම දැකීම මහබැංකුවේ අවශ්‍යතාවය වන අතර, කෙසේ නමුත් පාරිභෝගිකයින් විශාල ලෙස වියදම් කළහොත් එය උද්ධමනයට හේතු වන බව Josh කියා සිටී.
ජූනි මාසයේ පොලී අනුපාත සහන
IG Australia හි ජ්‍යෙෂ්ඨ වෙළඳපල විශ්ලේෂක Tony Sycamore SBS ප්‍රවෘත්ති සේවයට කියා සිටියේ ජුනි මාසය වන විට ගාස්තු අඩු කිරීමක් සිදුවිය හැකි බවයි.
මේ සඳහා උද්ධමන අගයන් අඩු වීම හේතු විය හැකි බව ඔහු කියා සිටී.
2024 දී පොලී අනුපාත කප්පාදු තුනක්
AMP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver 2024 වසරේ ජුනි මාසයේ සිට අනුපාත කප්පාදු තුනක් සිදුවනු ඇතැයි පුරෝකථනය කරන නමුත් එය මෑත වසරවල ඉහළ ගිය තරම් වේගයෙන් අඩු නොවන බව පැවසීය.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත පැවති මට්ටමට යලි පැමිණීම සම්බන්ධයෙන්ද සැක සහිත බව Shane කියා සිටී.
ගෝලීය වශයෙන් ආරක්ෂාව සඳහා ඉහල වියදම් සහ භාණ්ඩ මිල මත අමතර පීඩනයක් එල්ල වීම ඔස්සේ කොවිඩ් වසංගත තත්වයට පෙර පැවති ආර්ථික තත්වයට පැමිණිය නොහැකි වනු ඇති බවත් Shane පවසයි.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජනගහනය වයස්ගත වෙමින් පවතී, අඩු රැකියා කරන්නන් සහ වැඩි වියදම් කරන්නන් මේ වනවිට ඉහල යමින් සිටී.
ඕස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යා හැකිද?
AMP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane කියා සිටින්නේ ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට යාමේ අවදානමක් සෑම විටම පවතින බවයි.
දුර්වල ආර්ථික වර්ධනය හේතුවෙන් උද්ධමනය පහත වැටීමට පටන් ගැනීමත් සමඟ පුද්ගලයින් ඉහල අයවැය හේතුවෙන් ඔවුන්ගේ වියදම් වැඩි වශයෙන් සිදු කරමින් සිටී.
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මේ වනවිට ඉක්මනින් පොලී අනුපාත ඉහලදැමීම සිදු කොට ඇති අතර මේ හේතුවෙන් වඩාත් ඉක්මනින් පොලී අනුපාත අඩු කිරීමට ඔවුනට සිදු වනු ඇති බව Shane පවසයි.
මෙම තත්වය ස්ථාවර රැකියාවක් හිමි නිවාස ණය හිමියන්ට සහනයක් වන අතර කෙසේ නමුත් එවැනි ආර්ථික තත්ත්වයන් "රැකියා අහිමි වූවන්ට" අයහපත් වන බවද ඔහු පෙන්වා දෙයි.

2024 දී ඕස්ට්‍රේලියාවේ ආර්ථික පරිසරය “සාපේක්ෂ වශයෙන් දුර්වල” වනු ඇතැයි Deloitte Access Economics හවුල්කරු Stephen පවසයි.
මෙය 2023 සිට සිදුවන්නක් වන අතර පාරිභෝගික වියදම් සහ ගෘහස්ථ අයවැය සාමාන්‍යයෙන් විශාල පීඩනයකට ලක්ව තිබේ.
ඇතැම් නිවාස fixed-rate mortgages වල සිටින අතර ඔවුන් ඉහළ විචල්‍ය අනුපාත ගෙවීමක් සිදු කරයි.
එමෙන්ම නිවාස ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සැබවින්ම අවපාතයේ පවතින බව ද Stephen කියා සිටී.
ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මීළඟ රැස්වීම පෙබරවාරි 6 වැනිදා පැවැත්වේ.
*******************************************************************************
SBS සිංහල ගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා --- පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
රූපවාහිනියේ channel 38 (SBS Radio 2)
රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)
අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala
SBS Audio APP (Free)
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
*******************************************************************************

