දුම් පානය අත් හරින ගර්භනී මව්වරුන්ට තෑගි වව්චර් : ටස්මේනියානු අධ්‍යන වැඩසටහනකින් ව්‍යාපෘතියක්. (SBS සිංහල/ වාර්තා)

“අපි හැමෝම දන්නවා ව්‍යායාම කිරීමට අවශ්‍යයි කියලා. අපි හැමෝම දන්නවා පමණට වඩා බීර බීම හොඳ නැහැ කියල. අපි හැමෝම දන්නවා රූපවාහිනිය ඉදරිපිට බොහෝ වෙලා සිටීම ඉතාම නරකයි කියල. නමුත් ඒ වගේ උපදෙස් පමණක් ප්‍රමාණවත් නැහැ.” ආචාර්ය Mai Frandsen ප්‍රකාශ කරයි.

Pregnant women who stop smoking offered gift vouchers in Tasmanian study

Source: Flickr

ටස්මේනියාවේ Launceston ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන අධ්‍යනයක් ඔස්සේ ගර්භනී සමය තුළ දුම් පානය අත් හරින මව්වරුන් හට දිරිගැන්වීමේ දීමනාවක් ලෙස ත්‍යාග වව්චරයක් පිරි නමන බව වාර්තා වේ.

සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම ගර්භනී සමයේ කාන්තාවන් දුම්පානය කරන ප්‍රාන්ත අතර ටස්මේනියාව පසු වන්නේ දෙවන ස්ථානයේය. දත්ත වලට අනුව සෑම ටස්මේනියානු කාන්තාවන් සය දෙනෙකුගෙන් එක් අයකු ගර්භනී සමයේ දුම් පානය කරන අතර වයස අවුරුදු 25ට අඩු සීමාවේදී එය තුනෙන් එකක් බවද වාර්තා වේ.

මේ හේතුවෙන් ගර්භනී කාන්තාවන් මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට ටස්මේනියානු විශ්ව විද්‍යාලය ඩොලර් 50ක් වටිනා ත්‍යාග වව්චරයක් දුම් පානය අත්හැරීමට කැමති ගර්භනී මව්වරුන් හට පිරි නමන බව සඳහන්. අදාළ කාල සීමාව තුළ ඔවුන් දුම් පානය නොකළ ලෙසට විශේෂ පරීක්ෂණයක් මගින් පිරික්සීමෙන් අනතුරුව මෙම ත්‍යාග වව්චරය නිකුත් කරන බව වාර්තා වේ.

මෙම අධ්‍යනය බරපතල ප්‍රශ්නයක් සියුම් ලෙස අසන බවක් ටස්මේනියානු පිළිකා සංසදයේ සහ ටස්මේනියානු විශ්ව විද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරන ආචාර්ය Mai Frandsen ප්‍රකාශ කරයි. එය සෞඛ්‍යය පිළිබඳ මනෝ විද්‍යාත්මක ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දෙයි.

“අපි හැමෝම දන්නවා ව්‍යායාම කිරීමට අවශ්‍යයි කියලා. අපි හැමෝම දන්නවා පමණට වඩා බීර බීම හොඳ නැහැ කියල. අපි හැමෝම දන්නවා රූපවාහිනිය ඉදරිපිට බොහෝ වෙලා සිටීම ඉතාම නරකයි කියල. නමුත්  ඒ වගේ උපදෙස් පමණක් ප්‍රමාණවත් නැහැ.” ආචාර්ය Mai Frandsen ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් ගර්භනී සමයේ කාන්තාවන් හට දුම් පානයෙන් ඉවත් වීමට කැමැත්තක් ඇති කරවීම සිදු කෙරෙන අතර අවාසනාවන්ත ලෙස කාන්තාවන් ඒ සම්බන්ධයෙන් ඇති උපාය ක්‍රම පිළිබඳ නොදැනුවත් බව ආචාර්ය Mai Frandsen පෙන්වා දෙයි.

වින්නඹු මාතාවන් සහ පවුලේ වෛද්‍යවරු ගර්භනී මව්වරුන් හට දුම් පානයේ ආදීනව පිළිබඳ නිරතුරුවම අවවාද ලබා දෙන නමුත් ඔවුන් ඒවාට බොහෝ වෙලාවට ඇහුම්කන් නොදෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයිද  ආචාර්ය Mai Frandsen පවසයි.

ඇන්ජලා නමින් අන්වර්ථ නමකින් හඳුන්වන කාන්තාවක් දුම් පානය සහ අත් හැරීම පිළිබඳ ඇගේ අදහස් දැක්වුයේ මේ ආකාරයටය. “ගර්භනී තත්ත්වයට පත් වුනාම දුම් පානය අත් හරින එක පහසුයි කියලයි මම හිතුවේ. නමුත් ඒක හිතපු තරම් පහසු නැහැ.” තමන් මෙම ත්‍යාග වව්චර් වැඩසටහන සමග සම්බන්ධ වූයේ මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් නොව  එය දුම් පානය අත්හැරීමට මනා පිටිවහලක් සපයන බැවින් යයි ඇන්ජලා පවසයි. “මම කොහොමත් ගර්භනී තත්ත්වයේ සිටින විට දුම් පානය නවත්තන්න උත්සහයක් ගත්ත. මෙම වැඩසටහන මගින් ඒ උත්සාහය වඩාත් ඉක්මන් වුණා” ඇන්ජලා වැඩිදුරටත් පැවසුවාය.

මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට සුදුසු මව්වරුන් තෝරාගැනීමේ කටයුත්ත තරමක් බරපතල එකක් බවත් එහිදී ඔවුන්ගේ පුදගලික ජීවිතයට හෝ සම්බන්ධකම් වලට හානියක් නොවීමට වග බලාගන්නා බවත් ආචාර්ය Mai Frandsen පැවසුවාය.

මෙම වැඩසටහන හරහා ලබා දෙන ත්‍යාග වව්චර සඳහා මුල්‍ය පහසුකම් ටස්මේනියානු විශ්ව විද්‍යාලය සපයන බවද වාර්තා වේ. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now