SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ප්‍රථම 20-20 තරගය අද.

Sri Lanka vs Bangladesh T20
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලියේ ප්‍රථම තරගය අද (04/04) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 11.30 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

අද තරඟයට කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුලත් නොවන අතර ඒ වෙනුවට තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා සහ ෂෙහාන් ජයසුරිය කැඳවා තිබේ.  එසේම අද සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ද ඇතුලත්ව තිබීමද විශේෂත්වයක්.

20-20 තරගාවලියේ නායකත්වය දරනු ලබන්නේ ද උපුල් තරංග විසිනි.

කුසල් ජනිත්ගේ ශාරීරික යෝග්‍යතාවය අපේක්ෂිත මට්ටමක නොමැති වේ නම් ඔහු වෙනුවට සඳුන් වීරක්කොඩි සංචිතයට එකතුවනු ඇති බව ද වාර්තා වේ.

දෙරට අතර මේ දක්වා 20-20 තරග 5 ක් පවත්වා ඇති අතර ඉන් තරග 4 ක් ශ්‍රී ලංකාවද එක් තරගයක් බංග්ලාදේශයද ජයගෙන තිබේ.

20-20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය.

උපුල් තරංග (නායක), දිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ලසිත් මාලිංග, සඳුන් වීරක්කොඩි, ඉසුරු උදාන, නුවන් කුලසේකර, දසුන් චානක, විකුම් සංජය, මිලින්ද සිරිවර්ධන, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, චාමර කපුගෙදර, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන් සහ ෂෙහාන් ජයසූරිය


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now