වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews විසින් අද දිනයේදී (6 Sep) වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට සැප්තැම්බර් 13 දා දක්වා පනවා ඇති lockdown නීති ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කළේය.
ඒ අනුව ලබන 13 වන ඉරිදායින් අවසන් වීමට තිබූ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට බල පැවැත්වුනු stage 4 lockdown තත්වය තවත් සති දෙකක් ඉදිරියට ක්‍රියාත්මක වේ.
නමුත් සැප්තැම්බර් 13 වන දා සිට දීර්ඝ කරනු ලැබ ඇති සති 2 ක කාලය තුල මෙතෙක් stage 4 සඳහා තිබූ ඇතැම් නීති ලිහිල් කොට ඇත.
වික්ටෝරියා ප්‍රාන්ත රජයේ නව සැලැස්ම අනුව අදියර 4 ක් යටතේ කොරෝනා මැඬලීම සඳහා පනවා ඇති නීති ලිහිල් කිරීමට බලාපොරොත්තු වේ.
පළමු අදියර - සැප්තැම්බර් 13 දා සිට 27 දා දක්වා බලපැවැත්වේ. (extended stage 4 lockdown)
- සැප්තැම්බර් 13 වන ඉරිදා සිට ඇඳිරි නීතිය ලිහිල් වන අතර එය රාත්‍රී 9.00 දක්වා පුළුල් කෙරේ. එනම් ඇඳිරි නීතිය රාත්‍රී 9 සිට පසුදා පාන්දර 5 දක්වා ක්‍රියාත්මකයි.
- එළිමහන් ව්‍යායාම කිරීමේ කාලය දිනකට පැය දෙකක් දක්වා වැඩි කෙරේ
- තනිකඩව ජීවත් වන පුද්ගලයින්ට තමන්ගේ සමීපතමයෙකු නිවසට ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර එකිනෙකා බැලීමට යාමට හැකි වේ. මේ සඳහා මේ වන විට ක්‍රියාත්මක කිලෝමීටර් පහක නිතිය අදාළ නොවේ. නමුත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සිමාව තුලදී එසේ යාම් හෝ ගෙන්වා ගැනීම් කල නොහැකි වේ.
- ක්‍රීඩා පිටි නැවත විවෘත වේ
- පුද්ගලයන් දෙදෙනෙකුට එළිමහනේ ගැවසීමට අවසර ලැබේ. මෙය එකම පවුලේ සාමාජිකයින් හෝ වෙනත් පුද්ගලයින් දෙදෙනෙකු විය හැක.

දෙවන අදියර - සැප්තැම්බර් 28 දා සිට ඇරඹේ
Lockdown නීති වෙනස් කිරීමේ දෙවන පියවර සැප්තැම්බර් 28 දා සිට ඇරඹේ. එයද අදාල සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබුනහොත් පමණි. ඒ සඳහා, මෙම නීති වෙනස් කිරීමට සති දෙකකට පෙර අලුතෙන් කොරෝනා අසාදිත දෛනික සංඛ්‍යාව 30 - 50 දක්වා අතර පැවතීම අනිවාර්ය වේ. එම නීති පහත පරිදි වේ,
- එළිමහනේ ගැවසීමට හැකි පුද්ගල සංඛ්‍යාව 2 සිට 5 දක්වා වැඩිවේ.
- පාසල් විවෘත වීම - Prep, 2 වසර , VCE පංති සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ඇති පාසල් සිව්වන වාරය සඳහා විවෘත වේ
- Childcare හෙවත් ළමා රැකවරණ මධ්‍යස්ථාන නැවත විවෘත වේ
- එළිමහන් පිහිනුම් තටාක විවෘත වේ
- පුද්ගලයින් දෙදෙනෙකු සඳහා personal trainer කෙනෙකු සමඟින් එළිමහන් ව්‍යායාම් පුහුණුවට අවසර දෙනු ලැබේ
- එක් ආගමික නායකයෙකු සමඟ එළිමහන් ආගමික රැස්වීම්වලට ඉඩ දෙනු ලැබේ
සවන්දෙන්න SBS සිංහල ගුවන් විදුලි සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

තුන්වන අදියර - ඔක්තෝම්බර් 26 වනදා සිට නොවැම්බර් 3 වනදා දක්වා
මෙයද, එම කාල වකවානුව වන විටදී පවතින තත්වය අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතයි.
දෛනිකව අළුතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5 ක් හෝ ඊට අඩුනම් රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය ඉවත් කෙරෙනු ඇත.
3 වන අදියර යටතේ බලප්වත්වෙන නීති
- නිවසින් පිටවීම හේතු හෝ ගමන් කළ හැකි දුර ප්‍රමාණයන් සඳහා සීමාවන් බලපැවැත්වෙනු ඇත
- එළිමහනේ පුද්ගලයින් 10 දෙනෙකු රැස්වීමට ඉඩ ලැබේ.
- ඔබට තම නිවසට අමුත්තන් 5 දෙනෙකු ගෙන්වා ගැනීමට අවකාශ ලැබේ.
- අවුරුදු 3 සිට 10 දක්වා ළමයින් සඳහා වැඩි විස්තර පාසල් මඟින් දැනුම් දීමට නියමිතයි.
- සිල්ලර වෙළඳ සල් සහ කොණ්ඩා කැපීම් සහ සැකසීම මධ්‍යස්ථාන (barber/ hairdressing) නැවත විවෘත වේ
- හෝටල්, ආපනශාලා, මත්පැන් හල් වැනි Hospitality ක්ෂේස්ත්‍රයට අදාල මධ්‍යස්ථාන නැවතත් ආරම්භ වනු ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් එළිමහන් ආසන පැනවීම මඟින් සේවාව පවත්වා ගෙන යාමට අවසර ලැබේ.
- එළිමහන් ක්‍රියාත්මක එකිනෙකා ශාරීරිකව නොගැටෙන (non contact) වැඩිහිටි ක්‍රීඩා නැවත ආරම්භ කිරීමට අවසර ලැබේ.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන් ආකාර මෙන්න
- ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA ,
105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියෙන් channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න

4 වන අදියර - නොවැම්බර් 23 දා සිට ක්‍රියාත්මකයි.
වික්ටෝරියානු ප්‍රාන්ත වාසීනට නත්තලට අවශ්‍ය සාමාන්‍ය සමාජීය වාතාවරණයක් සැලසීම අරමුණු කොට ගෙන අදියර 4 යටතේ නීති වෙනස් කෙරෙනු ඇතිබව lockdown නීති වෙනස් වීම සම්බන්ද ඉදිරි සැලසුම් දැනුම් දිම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රාන්ත අගමැති සඳහන් කොට සිටියේය ඒ අනුව ,
- එළිමහනේ පුද්ගලයින් 50 දෙනෙකුට ගැවසිය හැකිවේ.
- නිවසට අමුත්තන් 20 දෙනෙකුට පැමිණීමට අවසර ලැබේ.
- සියලුම සිල්ලර වෙළඳ මද්‍යස්ථාන විවෘත කෙරේ.
- ආරක්‍ෂිත පියවර වලට අනුකූලව නිවාස සහ දේපල සමාගම් (Real estate) විවෘත කිරීමට අවසර ලැබේ.
- හෝටල්, ආපනශාලා, මත්පැන් හල් වැනි Hospitality ක්ෂේස්ත්‍රයට අදාල ස්ථාන වල පාරිභෝගිකයින් 20 දෙනෙකුට එකවර සේවාව සැලසිය හැකිවෙයි.
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


