කොරෝනා ව්‍යාප්තිය ප්‍රභල බැවින් මාස හයක්වත් යනතෙක් තමන්ගේ දෛනික ජීවිත වෙනස් කිරීමට සූදානම් වන්න යයි ඉල්ලීමක්

AAP

Source: AAP Image/Mick Tsikas

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් අවම වශයෙන් මාස හයක්වත් තමන්ගේ දෛනික ජීවිත වෙනස් කිරීමට සූදානම් වන ලෙසට රජය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විට ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය (ACT), වික්ටෝරියා, බටහිර ඕස්ට්‍රේලියා, සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ යටතේ , නිරෝධායනය සඳහා ස්වයංව හුදකලා වීමේ නියෝග සහ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් එක්රැස් වන ජන හමු පැවැත්වීම යන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ව මෙම හදිසි තත්ත්වය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි පරිදි නිලධාරීන්ට බලය ලබා දී ඇත.
මේවන විට නිව් සවුත් වේල්ස් රජය විසින් තම ප්‍රාන්තය තුල COVID-19 වෛරස රෝගීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව තහවුරු කොට ඇත.
ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙරට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්වෙයි.


Share

Published

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා ව්‍යාප්තිය ප්‍රභල බැවින් මාස හයක්වත් යනතෙක් තමන්ගේ දෛනික ජීවිත වෙනස් කිරීමට සූදානම් වන්න යයි ඉල්ලීමක් | SBS Sinhala