SKIP TO MAIN CONTENT

කොරෝනා ව්‍යාප්තිය ප්‍රභල බැවින් මාස හයක්වත් යනතෙක් තමන්ගේ දෛනික ජීවිත වෙනස් කිරීමට සූදානම් වන්න යයි ඉල්ලීමක්

AAP
Source: AAP Image/Mick Tsikas

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින බැවින් අවම වශයෙන් මාස හයක්වත් තමන්ගේ දෛනික ජීවිත වෙනස් කිරීමට සූදානම් වන ලෙසට රජය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.

මේ වන විට ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය (ACT), වික්ටෝරියා, බටහිර ඕස්ට්‍රේලියා, සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ යටතේ , නිරෝධායනය සඳහා ස්වයංව හුදකලා වීමේ නියෝග සහ පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් එක්රැස් වන ජන හමු පැවැත්වීම යන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ව මෙම හදිසි තත්ත්වය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකි පරිදි නිලධාරීන්ට බලය ලබා දී ඇත.

මේවන විට නිව් සවුත් වේල්ස් රජය විසින් තම ප්‍රාන්තය තුල COVID-19 වෛරස රෝගීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව තහවුරු කොට ඇත.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙරට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now