SKIP TO MAIN CONTENT

කුණු බැහැර කිරීමට විරුද්ධ වීම වරදක් වෙයි.

Garbage disposal
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් ඊයේ (20/04) මධ්‍යම රාත්‍රී සිට අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.

මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය පවසයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now