SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ තෙදින නිල සංචාරයට ජනපති මෛත්‍රී අද පිටත්වේ.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියාව බලා ශ්‍රී ලංකාවෙන්  අද (23/05) පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතාගේ විශේෂ නිල අාරාධනයකට අනුව, අද(23/05) පස්වරුවේ දිවයිනෙන් පිටත්වන ජනාධිපති සිරිසේන මහතා හෙට (24/05) පෙරවරුෙව්  ඔස්ට්‍රේලියාවට ළඟාවනු අැත.

ඒ අනුව හෙට දිනයේදී  ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරදී ඕස්ට්‍රේලියානු ජාතික රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඒක්වන අතර සිය රාජ්‍ය සංචාරය සනිටුහන් කරමින් එහිදී පැළයක්ද රෝපණය කිරීමට නියමිතය.

අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ අායතනයේ හා ජාතික සූර්ය බලශක්ති බලාගාරයේ නිරීක්ෂණයකට ද ජනාධිපති සිරිසේන මහතා සහභාගි වේ.

කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය වැඳපුදා ගැනීමට ද  ජනාධිපති සිරිසේන මහතා යාමට නියමිත අතර අනතුරුව කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලෙය්දී කැන්බරා නගරෙය් වෙසෙන ශ්‍රී ලාංකික හමුවකටද එක්වනු අැත.

මෙම නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා ජනධිපතිවරයා ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සහ රාජ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුම හමුවීමටද නියමිත අතර ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ එහිදී මූලික වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු මෙලෙස ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවද මෙය වන බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now