මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 45 ක මුදලක් ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහනුවර දිස්ත්‍රික් ලේකම් H. M. P. හිටිසේකර මහතා වෙත ලබා දී තිබේ.
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ රන් වියන ඉදිකිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.
1998 වසරේදී LTTE කොටි ත්‍රස්තවාදීන් විසින් දළදා මාළිගාවට 1998 දී එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් රන් වියනට හානිසිදුවූ අතර එය 2001 වසරේදී ප්‍රතිසංස්කරණය කරන ලදී.

