SKIP TO MAIN CONTENT

ජනපති මෛත්‍රී තෙදින නිල සංචාරයක් සඳහා අද කොරියාවට

SL President visits Korea
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාව සහ කොරියා ජනරජය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27/11) කොරියාව බලා පිටත්ව යයි.

කොරියා ජනාධිපති මුන් ජෙයින් මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය චාරිකාවක නිරත වන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එළඹෙන 30 දා තෙක් එරට රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සංචාරය ශ්‍රී ලංකාව හා කොරියා ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් ස්ථාපනය කිරීමෙහි 40 වැනි සංවත්සරයට සමගාමී ව සිදුවන්නක් වන අතර කොරියා ජනාධිපති මුන් සහ ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේන මහත්වරුන් අතර සමුළු සාකච්ඡාවක් සඳහා මේ මස 29 වැනිදා හමුවීමට නියමිත බවද පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහා රාජ්‍යතාන්ත්‍රික භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිත බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුර, රජයන් දෙක අතර ආර්ථික සහයෝගීතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල හා සංස්කෘතික සහයෝගීතාව හා සම්බන්ධ ගිවිසුම් කිහිපයකට මෙන්ම ආයෝජන සහායෝගීතාව හා රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි.

Daily News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now