උතුරු කොරියාවේ දිගු දුර මිසයිල අත්හදා බැලීම ශ්‍රී ලංකාව හෙළා දකින බවට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ මෙම ප්‍රකාශය පිළිබඳ දැනුවත්වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඊට අමතරව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා පවා මේ බව නොදන්නා බව ජයසේකර මහතා ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.