තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.
බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව සිදුවන මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බංග්ලාදේශ අගමැතිනිය, ජනාධිපති, විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම පිළිබඳව ද, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණුවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1972 වසරේදී ය. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර වසරකට ඩො. මි. 142ක පමණ වෙළෙඳ පිරිවැටුමක් ඇති අතර, මෙම වෙළෙඳ කටයුතු තවදුරටත් වැඩිදියුණුකර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

