SKIP TO MAIN CONTENT

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයට ළඟා වෙයි.

President Maithripala Sirisena reached Bangladesh.
Source: SL President Media

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

බංග්ලාදේශ අගමැතිණි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13/07) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශයේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර ජනාධිපතිතුමා වෙත ඉහළ පිළිගැනීමක් ලබාදීම වෙනුවෙන් එරට රජය සියලු කටයුතු සූදානම් කර තිබුණි.

ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.

1972 වසරේ ඇරඹි ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සබඳතා නැවුම් ප‍්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙනයාම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වන අතර, බංග්ලාදේශ අගමැතිණිය ඇතුළු ඉහළ පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙකු සමග ද ජනාධිපතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණුවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now