SKIP TO MAIN CONTENT

මාතෘ භූමියට එරෙහිව ප‍්‍රතිවාදීන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෙන් විදේශගත ශ්‍රී ලාංකිකයිනට ඉල්ලීමක්

SL president Maithripala Sirisena -
Indonesia Source: president media

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: News Sri Lanka



Skip to article content

මාතෘ භූමියට එරෙහිව ප‍්‍රතිවාදීන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින්ට පවසා සිටි.

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා එහි ගොස් සිටින අතර ඊයේ පස්වරුවේ ඉන්දුනිසියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් මේ බව ප‍්‍රකාශ කළේ ය.

අද ශී‍්‍ර ලංකාව සහ ශී‍්‍ර ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලූදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙල  කඩිනම් කරන බව ද ජනපතිවරයා  එහිදී සඳහන් කළේ ය.

ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණේ වසර 40 කට පසුව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා වසර 44 කට පසුව රුසියානු රජයෙන් ලැබුණු නිල ආරාධනයක් පරිදි තමා තවත් සති දෙකකින් රුසියාවේ නිල සංචාරයක නිරත වන බව සඳහන් කළේ ය.

අද ආරම්භ වන මෙම ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ "ඉන්දියානු සාගරය සාමකාමී සහ සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කරලීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම" යන්නයි. අද (07) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සමුළුව ඇමතීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now