SKIP TO MAIN CONTENT

නිහඬ මැතිවරණ සමයේදී සමාජ ජාල මාධ්‍ය අව භාවිතා කළහොත් සමාජ ජාල අවහිර කිරීමට සිදුවේවි : මැ.කො.

Presidential Election of Sri Lanka
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට අවසන් වී ඇති බැවින් සමාජ ජාල මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ, වෛරී සහගත ප්‍රකාශ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම තවදුරටත් සිදු නොකරන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කරයි.

ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

ඡන්ද අයිතිය උල්ලංඝනය වන අයුරින් කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු සිර දඬුවමකට හෝ දඩ මුදලකට යටත් වීමට සිදුවන බව ද මැතිවරණ කොමිසම පවසයි.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට අවසන් වී ඇති බැවින් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමාජ ජාල මාධ්‍ය භාවිතා කළහොත් සමාජ ජාල අවහිර කිරීමට වුවද සිදුවිය හැකි බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී අනතුරු ඇඟවීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now