ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි දමිළ පවුලට ලැබෙන දේශපාලන සහාය තවදුරටත් ඉහලට: ජුනි 14දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

ජුනි 14 වන සඳුදා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

The Muruguppan family.

The Murugappan family. Source: Supplied

Highlights

  • කොරෝනා මර්දනයේදී ඔස්ට්‍රේලියාව සාර්ථක වැඩපිළිවෙලක සිටින බව අගමැති මොරිසන් එක්සත් රාජධානි මාධ්‍යයට පවසයි
  • කුණාටුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් තවමත් අදුරේ පසුවද්දී මේ සති අන්තයෙදීත් ගංවතුර අනතුරු ඇඟවීම් 
  • ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි දමිළ පවුලට ලැබෙන සහාය තවදුරටත් ඉහලට 
  • දේශගුණ විපර්යාස සඳහා මුහුණ දීමට ඔස්ට්‍රේලියාව සුදානම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි
  • G -7 දී චීනය ගැන ලෝක බලවතුන්ගෙන් හවුල් ව්‍යාපෘතියක් 
  •  ඉතිහාසගත සේවයක නිරතවූ ඊශ්‍රායල අගමැති Netanyahu විපක්ෂ නායක පුටුවට  
  • බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා Aung San Suu Kyi සඳහා වන පළමු නඩු විභාගය අද
  • ICC Hall of Fame ලැයිස්තුවට කුමාර් සංගක්කාර ගේ නමත් 
  • 2021 ප්‍රංශ විවුර්ත ටෙනිස් ශුරතාවලියNovak Djokovic ට  

කොරෝනා මර්දනයේදී ඔස්ට්‍රේලියාව සාර්ථක වැඩපිළිවෙලක සිටින බව අගමැති මොරිසන් එක්සත් රාජධානි මාධ්‍යයට පවසයි


ඊයේ අවසන් වූ එක්සත් රාජධානියේ පැවති G- 7 සමුළුවට සහභාගී වෙමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ මේ වනවිට පවතින කොරෝන වසංගතය මර්ධනයට ඔස්ට්‍රේලියාව දැඩි සහ සාර්ථක ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මෙම සමුළුවට සහභාගී වෙමින් සිටින අතරතුර එක්සත් රාජධානි මාධ්‍ය කල විමසීමක් සඳහා පිළිතුරු දෙමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා මේ බව බවසා තිබේ

එමෙන්ම ඔස්ට්‍රේලියාව ගෙන ඇති විදිවිධානයන්හි සාර්ථකත්වය බලන කල තමන් ලොව වෙනත් ඕනෑම ස්ථානයකය වඩා ඕස්ට්‍රේලියාවේ විසීමට කැමති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම පසුගිය සති දෙකක කාලයක් පුරා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරයේ පැවති lockdown තත්වයෙන් පසු පැනවූ කොරෝනා සීමා මෙම සතිය අග භාගයේදී ලිහිල් කිරීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී ප්‍රාන්තයේ ප්‍රජාව අතුරින් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු වාර්තා වූ අතර ඒ අනුව මේ වනවිට එම ප්‍රාන්තයේ සිටින සක්‍රීය ආසාදිතයින් සංක්‍යාව 60 ක් ලෙස වාර්තා වේ.

කෙසේ නමුත් කොරෝනා පරීක්ෂණ සඳහා හැකි සෑම අයකුම ඉදිරිපත් වන ලෙස ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ප්‍රාන්ත බලධාරීන් මේ වනවිට පසුගියදා ඇති වූ කොරෝනා පොකුරේ සමීපතමයින් දහස් ගණනක් පිළිබඳව විමසිල්ලෙන් පසු වන අතර හෝටල් නිරෝධායන ක්ෂේස්ත්‍රය සම්බන්ධයෙන්ද කටයුතු කරන බවයි.

කුණාටුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ දහස් ගණනක් තවමත් අදුරේ පසුවද්දී මේ සති අන්තයෙදීත් ගංවතුර අනතුරු ඇඟවීම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ හදිසි ආපදා තත්වයෙන් පසු දින කිහිපයක් පුරා එම ප්‍රාන්තයේ වැසියන් දහස් ගණනකට විදුලි පහසුකම් අහිමි වී තිබේ.

මේ අනුව ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ විදුලිය නොමැතිව මේ වනවිට නිවාස 39,000ක් පමණ පවතින අතර මෙම සතිය අගදීද තවදුරටත් වැසි සහ ගංවතුර බලාපොරොත්තු වන බව කාලගුණ අංශ සඳහන් කරයි.

මෙම තත්වය හේතුවෙන් එම වැසියන් හට නවතන් සහ අලුත්වැඩියා කටයුතු සඳහා අරමුදල් වශයෙන් ඩොලර් 42,000ක් වෙන් කොට තිබේ.

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි දමිළ පවුලට ලැබෙන සහාය තවදුරටත් ඉහලට

නීති විරෝධී ලෙස මෙරටට පැමිණ මේ වනවිට Christmas දුපතේ සරණාගත කඳවුරේ රඳවා සිටින ශ්‍රී ලංකික දමිළ නිදහස් කරන මෙන් ඕස්ට්‍රේලියානු රජයට වන ඉලීම් ඉහල ගොස් තිබේ. මෙම දමිළ පවුල නැවතත් ඔවුන් සිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Biloela වෙත යවන ලෙස එම පිරිස ඉල්ලා සිටී.

මෙලෙස ඉල්ලීම් සිදු කරන පාර්ලිමේන්තු සාමාජිකයින් අතරට ලිබරල් පක්ෂ පසුපෙළ මන්ත්‍රී Katie Allen ද එක්ව ඇති ඇති බව වාර්තා වේ.

එම පවුලේ කුඩා දැරිය වන තර්නිකා මේ වනවිට අසනීප තත්වයක් හේතුවෙන් ඇයගේ මව සමග පර්ත් හි ළමා රෝහලේ පසුවේ.

මෙම පවුල නැවතත් ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයට යොමු කරන ලෙස ඉල්ලමින් රාජකීය ඕස්ට්‍රේලියානු වෛද්‍ය විද්‍යාලය මගින් වෛද්‍ය කණ්ඩායම් 9කගේ අත්සනින් යුත් විවුර්ත ලිපියක් ඕස්ට්‍රේලියානු රජය වෙත යොමු කොට තිබේ.

දේශගුණ විපර්යාස සඳහා මුහුණ දීමට ඔස්ට්‍රේලියාව සුදානම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසයි

දේශගුණ විපර්යාස සඳහා මුහුණ දීමට සහ ඒ සමග ගැටීමට ඔස්ට්‍රේලියාව සුදානම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා G -7 සමුළුවේදී පවසා තිබේ. මෙම සමුළුවේදී එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව, ජපානය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය යන රටවල් වල නායකයින් කොරෝනා වසංගතය සහ දේශගුණික විපර්යාස යන අභියෝග පිළිබඳව සාකච්චා කොට තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මෙම G-7 සමුළුවට සමගාමීව, ඇමරිකානු ජනපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතර පළමු ත්‍රෛපාක්ෂික හමුවද පවත්වා තිබේ.

ඔහු සඳහන් කොට සිටින්නේ මෙම අභියෝගයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ප්‍රබල වාර්තාවක් තබා ඇති අතර 2030 වසර වනවිට ඔස්ට්‍රේලියාව මේ සම්බන්ධයෙන් තවත් සාර්ථක ප්‍රතිපල ඇත කරගැනීම අනිවාර්ය බවයි.

එහෙත් කම්කරු විදේශ කටයුතු අමාත්‍ය Penny Wong පවසන්නේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා දේශගුනික ගැටළු සම්බන්ධයෙන් එතරම් දෙයක් සිදු නොකරන බවයි.

G -7 දී චීනය ගැන ලෝක බලවතුන්ගෙන් හවුල් ව්‍යාපෘතියක්

G -7 සමුළුවට සහභාගී වූ ලොව බලවත් රටවල නායකයින් පිරිස, දුප්පත් රටවල යටිතල පහසුකම් ගොඩනැංවීම සඳහා උපකාර කිරීම සඳහා වන සැලසුමක් දියත් කොට තිබේ. චීනය විසින් ලොව දුප්පත් රටවල් සඳහා සිදු කරන සංවර්ධන සහ ආයෝජන සම්බන්ධයෙන් අනෙක් පාර්ශවයටද විනිවිද බවක් අවශ්‍ය බව මෙම සැලසුම් පෙන්වා දෙයි.

මෙම සමුළු සාමාජිකයින් චීනය සඳහා වන උපායමාර්ගික ප්‍රතිපත්ති සාකච්චා කිරීමන් අනතුරුව ඇමරිකාව ඉදිරිපත් කල Build Back Better World ව්‍යාපෘතියද සම්මත කොටගෙන තිබේ. ආසියානු , ලතින් ඇමරිකානු සහ යුරෝපා රටවල් සඳහා මේ වනවිට චීනය් බලපෑම එල්ලව ඇති අතර ඊට පිලියමක් ලෙස එම රටවල යටිතල පහසුකම් නගසිටුවීම සඳහා උපකාර කිරීමටද සමුළුවට සහභාගී වූ නායකයින් තීරණය කොට තිබේ.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියාව සාමකාමී ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා සහාය දක්වන අතර චීනය සමග නැවත සංවාදයක් ඇරඹීම අවශ්‍ය බවයි.

ඉතිහාසගත සේවයක නිරතවූ ඊශ්‍රායල අගමැති Netanyahu විපක්ෂ නායක පුටුවට

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu ගේ වසර 12ක ඉතිහාසගත ධුර කාලය අවසන් කරමින් ඊශ්‍රායල පර්ලිමේන්තුව නව සභාග රජයක් අනුමත කොට තිබේ.

මේ අනුව කුඩා අරාබි කණ්ඩායමක් සහ තවත් පක්ෂ 8කින් සමන්විත් සන්ධානයක් මෙහෙයවන Naftali Bennett මේ වනවිට ඊශ්‍රායල අගමැතිධුරයට පත්ව තිබේ.

ඒ සඳහා වන ඡන්ද විමසීම එයේ දින සෝදි කෙරුණු අතර එහිදී ඡන්ද 60-59ක් ලෙස සම්මත වී තිබේ.

මින් අනතුරුව Benjamin Netanyahu සඳහන් කොට ඇත්තේ විපක්ෂයක් වශයෙන් දැඩිව කටයුතු කිරීමට වගබලාගන්නා අතර නැවතත් බලයට පැමිණෙන බවට ආධාරකරුවන්ට සඳහන් කොට තිබේ.

බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා Aung San Suu Kyi සඳහා වන පළමු නඩු විභාගය අද

බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා Aung San Suu Kyi සඳහා වන පළමු නඩු විභාගය අද සිදු කිරීමට නියමිතව තිබේ.

හමුදා කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් වශයෙන් පසුගිය පෙබරවාරියේදී මැය බලයෙන් පහ කෙරුණු අතර Aung San Suu Kyi ට විරුද්ධව රට තුලට නීති විරෝධී ලෙස walkie-talkie ආනයනය කිරීම සහ පසුගිය මැතිවරණ සමයේදී කොරෝනා නීති නොතකා මැතිවරණ ව්‍යාපාර සඳහා සහභාගී වීම වැනි කරුණු සඳහා චෝදනා එල්ලාව තිබේ.

මේ වනවිටත් ඇයගේ පාක්ෂිකයින් හමුදා පාලනයට විරෝධය පලකරමින් විරෝධතවයන්හි නිරත වන බව වාර්තා වේ.

ICC Hall of Fame ලැයිස්තුවට කුමාර් සංගක්කාර ගේ නමත්

ICC Hall of Fame හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමද ඇතුළත් කර තිබේ.

ඔහු එම ලැයිස්තුවට එක් වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ.

මේතෙක් එම ලැයිස්තුවට මෙරටින් නම් කර ඇත්තේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණි.

ජුනි 18 ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරඟය ට සමගාමීව එම නම් කිරීම සිදුකර ඇතැයි වාර්තා වේ.

2021 ප්‍රංශ විවුර්ත ටෙනිස් ශුරතාවලියNovak Djokovic ට

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක ලෙස නම් දරා ඇති ටෙනිස් ක්‍රීඩක Novak Djokovic 2021, ග්‍රීක ටෙනිස් ක්‍රීඩක Stefanos Tsitsipas පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

මෙය Novak Djokovic ගේ දෙවන ප්‍රංශ විවුර්ත ටෙනිස් ශුරතා ජයග්‍රහණය වන අතර Roger Federer සහ Rafael Nadal හිමි කර සිටින ශුරතා සඳහා ලඟා වීමට Novak Djokovic හට ජය ගැනීමට ඇත්තේ තවත් එක් ශුරතාවලියක් පමණක් බව වාර්තා වේ.

** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ ජුනි මස 14 වන සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකිය



Share

6 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service