SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තෙවනි එක් දින තරගය කඩුලු 7 කින් ජය ගනිමින් දකුණු අප්‍රිකාව තරගාවලියම ජයගනී.

Pretorius, De Villiers sew up series for South Africa
Source: espncricinfo

2 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය යටතේ ඊයේ (04/02) පැවැත්වුණු තෙවන එක් දින තරගයෙන්  කඩුලු 7 ක ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම ට මුලින්ම පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේදී  සියලු දෙනා දැවී ලකුණු 163 ක් රැස් කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල  ලකුණු 74 ක් ලබා ගනිමින් තනිව සටනක නිරත විය. නායක උපුල් තරංග ලකුණු 31 ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාවේ Dwaine Pretorius කඩුලු 3 ක්ද Kagiso Rabada, Andile Phehlukwayo සහ Imran Tahir කඩුලු 2 බැගින්ද ලබා ගත්තේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිළේ ලහිරු කුමාර සහ ලහිරු මධුසංක එක් දින වරම් හිමි කරගැනීම ද විශේෂත්වයකි.

ජයග්‍රාහී ලකුණු 164 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 32 කදී කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක AB de Villiers ලකුණු 60 ක් ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Dwaine Pretorius හට හිමි විය.

ඒ අනුව තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය දකුණු අප්‍රිකාව විසින් 3-0 ක් ලෙස මේ වන විටත් ජයග්‍රහණය කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now