SKIP TO MAIN CONTENT

Donald Trump සහ ඔහුගේ රුසියානු සබඳකම් පිළිබඳ අගමැති ටර්න්බුල් ගේ ප්‍රකාශයක් ඇතුළත් හඬ පටයක් නිකුත් වෙයි.

Australian Politics
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකානු ජනාධිපති Donald Trump සහ ඔහුගේ රුසියානු සබඳකම් පිළිබඳ සඳහන් කරමින් මාධ්‍යට එළි නොදැක්වූ ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් විසින් සිදු කළ හාස්‍යෝත්පාදක කතාවක් ප්‍රසිද්ධ ලෙස පිටවූ සිදුවීමක් වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ දේශපාලකයින් සහ මාධ්‍යවේදීන් හට වාර්ෂිකව පැවැත්වෙන  Mid-Winter Ball හෙවත් ශීත සෘතු සාදයේදී අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය වාදනය විය.

2017 වසර සඳහා වූ මෙම සාදය පෙරේදා (14/06) රාත්‍රියේ පැවැත්විණි.

එහිදී අගමැති ටර්න්බුල් ඇමෙරිකානු ජනාධිපති වරයා මෙන්ම අන්තර්ජාලයේ ඡන්ද විඅම්සීම් සම්බන්ධයෙන් ද හාස්‍ය දනවන කරුණු පවසා තිබුණි.

මෙම කතාව පිටවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව අගමැතිවරයා 3AW  ගුවන් විදුලියට පවසා තිබේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව පැවැත්වෙන Mid-Winter Ball හෙවත් ශීත සෘතු සාදය, ඇමෙරිකාවේ ධවල මන්දිරය විසින් වාර්ෂිකව පවත්වන Correspondents' Dinner හෙවත් වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය හා සමාන බවත් එහි ඇති හාස්‍ය තමන් හට අවබෝධ කරගැනීමට හැකි බවත් කැන්බරා හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now