SKIP TO MAIN CONTENT

අගමැති Turnbull ඉන්දියාවේ සංචාරයක.

Prime Minister Malcolm Turnbull ready for the India tour.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලබන සතියේ තම ඉන්දීය සංචාරයේදී ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බලශක්තිය, අධ්‍යාපනය සහ වෙළෙඳ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් එකඟතා ඇති කරගැනීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසයි.

අගමැති Turnbull, අද දහවල් පැපුවා නිව් ගීනියාව වෙත පිටත්ව ගිය අතර එළඹෙන ඉරිදා (09/04) ඉන්දියාව බලා යාමට නියමිතය.

ඔහු ලබන බදාදා (12/04) තෙක් ඉන්දියාවේ රැදී සිටිනු ඇත.

ඉන්දියානු අග්‍රාමාත්‍ය Narendra Modi සමග තමන් ඇතිකරගෙන තිබු පෙර සබඳකම් මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව අගමැති Turnbull පැවසුවේය.

ඔස්ට්‍රේලියා - ඉන්දියානු සම්බන්ධතා වලින් අපරිමිත අන්‍යොන්‍ය අවස්ථා තවත් ලබා ගැනීමට හැකි බව ද ඔහු සිඩ්නි නුවරදී මාධ්‍යවේදීන් හට පවසා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now