බලශක්ති බිල්පත් සදහා විශ්‍රාමිකයින්ට සහන හිමි වන energy supplement වැඩසටහන කපා දැමීම වැලැක්වීම අපහසු බවට ඕස්ට්‍රේලියානු රජය පවසයි ..

ener

Source: AAP

බලශක්ති බිල්පත් සදහා විශ්‍රාමිකයින්ට සහන හිමි වන energy supplement  වැඩසටහන දිගටම පවත්වාගෙන යන බව කම්කරු පක්ෂය ප්‍රකාශ කර තිබුනත් එය ඉතා අසීරු කාරණයක් බව අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි.

 

රජය මගින් යෝජිත මෙම කප්පාදු කිරීම මගින් එක් විශ්‍රාමිකයෙකු හට සති දෙකක් සදහා ඩොලර් 14 ශත 10ක් ද වසරක් සදහා ඩොලර් 365ක මුදලක්ද පාඩු වනු ඇති බව වාර්තා වෙයි.

 

විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා සදහන් කරන ආකාරයට, 2020 - 21 මුල්‍ය වර්ෂය තුල විශ්‍රාමිකයින් 592,000කට මෙම කප්පාදු කිරීම අහිතකර අයුරින් බලපානු ඇති බවත්, වසර 10ක් තුලදී මිලියන 1.5ක පිරිසකට මෙ මගින් අපහසුතාවයට පත් වනු ඇති බවත් සදහන්.

 

කෙසේ වෙතත් පසුගියදා Townsville හිදී පසුගියදා මේ පිලිබදව අදහස් දැක්වූ අගමැති මැල්කම් ටර්න්බුල් සදහන් කලේ බලශක්ති මිල පහත දැමීම සදහා සදහා වත්මන් රජය කටයුතු කරමින් සිටින බවයි.


1 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now