SKIP TO MAIN CONTENT

පාස්කු සමයේදී ජීවිත සුරැකීමට නිවසටම වී සිටින ලෙස ඔස්ට්‍රේලියානු අගමැති සිය පාස්කු දින පණිවිඩයෙන් ඉල්ලයි

Screenshot of PM Scott Morrison delivering Easter message
Source: Facebook/Scott Morrison

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ අරමුණින් අදින් (10/04) උදාවූ පාස්කු නිවාඩුවේ දී නිවසටම වී සිටින ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙම පාස්කු නිවාඩුවේ වුවද කොරෝනා සම්බන්ධ නීති එලෙසම පිළිපදින ලෙසද මධ්‍යම රජය ජනතාවට දැනුම් දෙයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවා ඇති අතර මරණ 51 ක් වාර්තා වේ.

පාස්කු නිවාඩුවේ දී ජනතාව කොරෝනා නීති උල්ලංඝනය කරනවා දැයි නිරීක්ෂණය කිරීමට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි විවිධ ක්‍රියා මාර්ග ගෙන තිබේ.

තම ප්‍රාන්තයේ ප්‍රසිද්ධ නිවාඩු කලාප නිරීක්ෂණය කිරීම උදෙසා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ඩ්‍රෝන් යානා සහ පොලිස් හෙලිකොප්ටර් යොදාගන්නා බව වාර්තා වේ.

ටස්මේනියා ප්‍රාන්තය ද ඒ සඳහා පොලිස් හෙලිකොප්ටර් යොදා ගන්නා බවත් වයඹ දිග කලාපයේ පොලිස් මුර සංචාර වැඩි කර ඇති බවත් වාර්තා වේ.

මෙම පාස්කු සමයේදී තමාගේත් අනුන්ගේත් ජීවිත සුරැකීමට නිවසටම වී සිටින ලෙස අගමැති ස්කොට් මොරිසන් තම පාස්කු දින පණිවිඩය ගෙන එමින් පැවසුවේය.

Coronavirus
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now