SKIP TO MAIN CONTENT

ඩයනා කුමරියගේ 20 වන ගුණානුස්මරණයට පෙර දිනයේ පුතුන් දෙදෙනාගෙන් පුෂ්පෝහාර (වීඩියෝ).

Princes William and Harry mark 20th anniversary of Diana's death
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තවමත් ලොව ජනප්‍රියම රජ කුමරිය ලෙස විරුදාවලිය ලත් එංගලන්තයේ ඩයනා කුමරියගේ 20 වන ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (30/08) දින ඩයනා කුමරිය වාසය කළ ලන්ඩන් නුවර Kensington මාළිගාවෙහි ඇය වෙනුවෙන් නිමවා ඇති ස්මාරකය වෙත ඇගේ පුතුන් දෙදෙනා වන විලියම් සහ හැරී කුමරුන් සහ කේට් කුමරිය පුෂ්පෝහාර දක්වා තිබේ.

මේ අවස්ථාවට ඩයනා කුමරියට ආදරය කරන ජනතාව විශාල ප්‍රමාණයක් පැමිණ සිටි බවත් ඔවුන් රැගෙන ආ මල් කළඹවල්ද විලියම් සහ හැරී කුමාරවරුන් දෙපල කුමරියගේ ස්මාරකය අසළ තැන්පත් කළ බවද සඳහන්.

1961 වසරේ ජූලි 01 වන දින උපත ලැබූ ඩයනා කුමරිය 1967 වසරේ අගෝස්තු 31 වන දින රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුවාය.

ඒ අනුව ඇගේ  20 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙන අතර විලියම් සහ හැරී කුමරුන් මෙන්ම කේට් කුමරියද අද එම නිල සැමරුම සඳහා සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.

20 වන සියවසේ විශාලතම සහ වැඩිම පිරිසක් සජීවීව නැරඹු අවමංගල උත්සවය ලෙසද ඩයනා කුමරියගේ අවමංගල උත්සවය ඉතිහාසගත වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now