කොරෝනා ප්‍රතිකාර සදහා ඕස්ට්‍රේලියානු පෞද්ගලික රෝහල් ද යොදා ගැනීමට රජයෙන් නව සැලැස්මක් (SBS සිංහල/ වාර්තා)

s

Source: AAP

ඕස්ට්‍රේලියානු රජය විසින් පෞද්ගලික රෝහල් ද කොරෝනා රෝගීන් සදහා යොදවා ගැනීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුලින් අමතර රෝහල් ඇදන් 34000ක් කොරෝනා රෝගීන්ට ලබා ගැනීමට හැකි වනු ඇති. සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසන්නේ මෙම සැලැස්ම නිසා පෞද්ගලික රෝහල් 657ක සේවය ලබා ගැනීමට සිදු වෙන බවයි. මෙම සැලැස්ම අනුව රෝහල් වල පුර්ණ හා අර්ධ කාලීන සේවකයින් 105,000ක් හා වින්නබු මාතාවන් 57000ක් ද ඇතුළුව ඔවුන්ගේ රැකියා පවත්වා ගෙන යාමට හැකි වනු ඇති බවට වාර්තා වේ.

මෙමගින් ඕස්ට්‍රේලියාවේ සියලු රෝහල්  එකම සහයෝගීතාවකට යටත් වනු ඇති. Hunt මහතා පවසන්නේ පෞද්ගලික රෝහල් ඒ සදහා නම්‍යශීලී වී ඇති බවයි. ඒ අනුව පෞද්ගලික හා රජයේ රෝහල් අතර සේවකයින් හුවමාරු කර ගනීමටත්,උන රෝග සදහා චිකිත්සා ආදිය එක්ව ක්‍රියා කරමින් රෝහල් වල දැඩි සත්කාර ඒකක සදහා ඉඩ ලබා ගැනීම මෙහි අරමුණ වේ.

මේ අනුව පෞද්ගලික රෝහල රජයේ රෝහල් සමග එකාබද්ධ කිරීමකට ප්‍රාන්ත හා මධ්‍යම රජය එක් වී තිබේ. මේ සදහා ඩොලර් බිලියන 1.3ක වියදමක වන බවද සදහන්.

එසේම රජය දැඩි සත්කාර එකක ඇදන් ප්‍රමාණය තෙගුණ කිරීමටත්, ශ්වසන උපකාරක වැඩිපුර ලබා ගැනීමටත් කටයුතු කරයි. මෙම සැලැස්ම අනුව රජය විසින් පෞද්ගලික රෝහල් පවරා ගැනීමක් සිදු නොවේ.

 

දැනට දැඩි සත්කාර ඇදන් 2200ක් පමණ ඕස්ට්‍රේලියාවේ ඇති අතර එයින් 20ක් පමණක් දැනට කොරෝනා රෝගීන් සදහා භාවිතා වේ. නමුත් එය අනෙක් ශල්‍ය කර්ම ආදිය සදහා භාවිතා වන ශ්වසන ආධාරක සියල්ල එකතු කල පසු 4400 දක්වා වැඩි කල හැකි වේ.

ResMed නම් ආයතනය මේ වන විට දැඩි සත්කාර ඒකක ශ්වසන ආධාරක 500ක් නිපදවමින් සිටින අතර දැඩි සත්කාර නොවන ආධාරක 5000ක් නිමවමින් සිටී

රජය සුදානම් වන්නේ ඔස්ට්‍රේලියාව ඉතා අසීරු තත්වයට මුහුණ දුන හොත් ශ්වසන ආධාරක සහිත ඇදන් 7500ක් වත් යොදා ගැනීමේ හැකියාව ඇති කර ගැනීමටයි 

Source: SBS News


Share

2 min read

Published

Updated

By Charitha Adikari



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now