SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ මහජන හදිසි තත්වයක් පැවතීම හේතුවෙන් රට පුරා හදිසි නීතිය බලාත්මක කෙරේ.

Protest near Sri Lankan president's residence in Mirihana
Protest near Sri Lankan president's residence in Mirihana Source: supplied_ jpeg

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකාව පුරා හදිසි නීතිය බලාත්මක කරමින් ඊයේ (අප්‍රේල් 01) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රට තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා හදිසි නීතිය පනවන බව, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මේ අතර ඊයේ (අප්‍රේල් 01) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර අද (අප්‍රේල් 2 දා) උදෑසන 6.00 ට එය ඉවත් කොට තිබේ.

හදිසි නිතිය පැනවීමට අදාළ ගැසට් නිවේදනය පහතින් 

A Gazette Extraordinary has been published declaring a public emergency in Sri Lanka with effect from April 01
A Gazette Extraordinary has been published declaring a public emergency in Sri Lanka with effect from April 01 Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now