SKIP TO MAIN CONTENT

ඇමතිවරුන්ගේ සැප වාහන ගෙන්වීමට මුදල් කාරක සභාවෙන් බාධාවක්.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත්  කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව විසින් කථානායක, කරූ ජයසූරිය මහතාට දන්වා තිබේ.

රජයේ ඇමතිවරුන් මේවන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම නතර කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්දිරන් මහතා විසින් කථානායකවරයාට දන්වා ඇත.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

2015 ජනවාරි මාසයේ සිට ඇමතිවරුන් ලබාගෙන ඇති වාහන හා ඒවායේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අයවැය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම්දී ඇති බව මෙහිදී තහවුරු වී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now