SKIP TO MAIN CONTENT

මෙතෙක් ලොව නිපදවූ සුපිරිතම මිසයිලය සහ සබ්මැරීනය තමන් සතු බවට Putin ගෙන් ප්‍රකාශයක්.

Putin claims new Russian missile can hit anywhere on Earth
Putin claims new Russian missile can hit anywhere on Eart. (AP) Source: AP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලොව ඕනෑම ස්ථානයකට ළඟා  විය හැකි අධිධ්වනි කෲස් මිසයිලයක් තම රට සතුව  පවතින බව  රුසියානු ජනාධිපති Vladimir Putin ඊයේ (01/03) අනාවරණය කළේය.

එමෙන්ම මෙතෙක් ලෝකයේ නිපදවූ ඉහළම අධි තාක්ෂණික සබ්මැරීනය ද රුසියාව සතු බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.

එළඹෙන මාර්තු 18 වන දින පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණය උදෙසා Vladimir Putin  ගේ  ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීමේ කතාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉහත සඳහන් කළ අධිධ්වනි මිසයිලය ආසියාවේ හෝ යුරෝපයේ ඇති සියලු මිසයිල පද්ධති අභිබවා ගමන් කරනු ඇති බව විඩියෝ පට ආශ්‍රයෙන්  රුසියානු ජනාධිපති Vladimir Putin තම කතාවේදී පැහැදිලි කළේය.

 

කෲස් මිසයිලයට ඉතා පහළින් ගමන් කළ හැකි නිසා ඒවා අධීක්ෂණය කළ නොහැකි බවත් න්‍යෂ්ටික මිසයිලයේ මුහුනත ( nuclear warhead ) සමඟ එයට අසීමිත ගමන් මගක ගමන් කිරීමේ හැකියාව මෙන්ම දැනට පවතින සහ ඉදිරියේ නිර්මාණය වන ඕනෑම මිසයිල හෝ ගුවන් ආරක්ෂක පද්ධතියක් හරහා පහසුවෙන් යෑමට ඇති හැකියාව පිළිබඳවද ඔහු විසින් පැහැදිලි කරන ලදි.

Putin claims new Russian missile can hit anywhere on Earth
Kremlin simulation of Avangard gliding hypersonic warhead maneuvering to bypass zones of detection and destruction by missile defense weapons. Source: AAP

සාමන්‍යයෙන් රුසියානු ජනාධිපති Vladimir Putin තම කතා පවත්වනු ලබන්නේ රුසියාවේ Kremlin මන්දිරයේ සිට වුවද ඊයේ දින කතාව සිදු කරනු ලැබුවේ රුසියාවේ ප්‍රදර්ශන මධ්‍යස්ථානය අසල සිට වීමද විශේෂත්වයකි.

මෙම යුධ උපකරණ දෙක සඳහා  නම් දෙකක් යෝජනා කරන ලෙස ද ඔහු රුසියානුවන්ට ආරාධනා කර සිටියේය.

රුසියානු යුධ දැනුම සහ නිෂ්පාදන ලෝක සාමය වෙනුවෙන් නිර්මාණය වී ඇතිමුත් යමෙකු රුසියාවට එරෙහිව එක් න්‍යෂ්ටික ආයුධයකින් හෝ පහර දුනහොත් එවෙලේම දරුණු ප්‍රතිප්‍රහාර වලට ලක්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now