SKIP TO MAIN CONTENT

ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කරමින් තිබූ Qantas ගුවන් යානය තෙල් වෑස්සීමක් නිසා හදිසියේ සිඩ්නි ගුවන් තොටුපොළට ගොඩ බස්වයි.

Qantas flight diverts to Sydney from Los Angeles when it was detected the engine was losing oil.
Source: YouTube

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙල්බන් සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ගමන් ආරම්භ කර තිබූ Qantas  ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ හදිසියේම නැවතත් සිඩ්නි ගුවන් තොටුපොළට ගොඩ බැස්වූ බව වාර්තා වේ.

ගුවන් යානයේ එන්ජිමකින් තෙල් වෑස්සීමක් සිදුවන්නට පටන්ගැනීම හේතුවෙන් ගුවන් නියමුවා හදිසියේම යානය  සිඩ්නි ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට තීරණය කර ඇත.

QF93 දරන ගුවන් යානය මෙල්බන් සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ගමන් ආරම්භ කර පැයකට පමණ පසුව මෙම සිදුවීම සිදුව ඇති බව Qantas  ගුවන් සේවය ප්‍රකාශ කරයි.

පැය 14 ක පූර්ණ ධාවන කාලයක නිරත වීමේ අවධානමට වඩා සිඩ්නි ගුවන්තොටුපොළට යානය ගොඩබැස්සවීම අදාළ නියමුවා ගත් බුද්ධිමත් තීරණයක් බවද Qantas  ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now