SKIP TO MAIN CONTENT

කටාර් ජාතිකයන්ට මක්කමත් තහනම් වෙයි.

Mecca Grand Mosque
Source: Reuters

1 min read

Published

By Madhura Seneviratne

Source: Al-Jazeera



Skip to article content

කටාර් ජාතිකයන්ට මක්කම පූජා භූමියට ඇතුළු වීමට ඉඩ නොදීමට සෞදියේ බලධාරීන් කටයුතු කර ඇතැයි දෝහා හි පිහිටි අල් ෂාක් පුවත්පත වාර්තා කරයි.

මේ තත්ත්වය හේතුවෙන් ගල්ෆ් කලාපීය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි වාර්තා වේ.

කටාර් පුරවැසියන්ට මක්කම පිහිටි මස්ජීද් අල් හරාම් මහ පල්ලියට ඇතුළුවීමට ඉඩ නොදුන් බව එරට පුරවැසියන් පවසා ඇතැයි අදාළ පුවත්පත වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි ද ලැබී තිබෙන බව වාර්තා වේ.

මෙම සිදුවීම ආගමික ස්ථානවලට පිවිසීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් දී තිබෙන මානව අයිතීන් උල්ලංඝණය කිරීමක් බව කටාර් රාජ්‍යයේ ජාතික මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී අලි බින් සමායික් අල් මාරි පවසා ඇත.

කෙසේ නමුත් ඉස්ලාමීය ආගමිකයන්ගේ ප්‍රධානතම ආගමික ස්ථානයක් වන මක්කම පිහිටි ප්‍රධාන පල්ලියට ඇතුළුවීමේදී සෞදි බලධාරීන් සාමාන්‍යයෙන් කිසිවකුගේ ජනවර්ගය හෝ නිකාය හෝ නොවිමසන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමට ඉකුත් ජුනි 5 වැනිදා කටයුතු කළේය.

කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවට එම රටවල් චෝදනා කළේය.  


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now