SKIP TO MAIN CONTENT

එළිසබත් රැජිණ තමාගේ ඔටුන්න සහ රන් කරත්තය පිළිබඳ රහස් රැසක් හෙළි කරයි.

Queen Elizabeth revealed many secrets about her crown and golden carriage
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය ඉරිදා දිනයේ බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිණ BBC සේවයේ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ගේ රාජාභිෂේකය මෙන්ම ඔටුන්න සහ තමන් ගේ රාජකීය කරත්තය පිළිබඳ සැඟවුණු තොරතුරු රැසක් හෙළි දරව් කළාය.

1953 වසරේ ජුනි 02 වන දින ඔටුනු පලන් ඇය තමන ගමන් ගන්නා රන් කරත්තයේ ගමන් කිරීම ඉතා අපහසුදායක කටයුත්තක් බව එහිදී හෙළි කළාය.

එමෙන්ම තමන්ගේ රාජකීය ඔටුන්නද ඉතා බර බැවින් එය හිස පැලඳගෙන සිටීම මහතා වදයක් ලෙසද ඇය පැවසුවාය.

යම් හෙයකින් බ්‍රිතාන්‍ය රාජින ලෙස තම ඔටුන්න පැළඳ කතාවක් පැවැත්වීමට තමන්ට යම් සභාවක සිදුවුවහොත් අදාළ කතාව ලියු කොලය බැලීම සඳහා බිමට නෙත් යොමු කිරීමට අපහසු බවත් එසේ වැඩිපුර හිස බිමට හරවුවහොත් ඔටුන්නේ බරට තම බෙල්ල කඩෙන බවත් ඇය සිනහ මුසු මුහුණින් පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now