SKIP TO MAIN CONTENT

Greater Brisbane කලාපයට පනවා ඇති කොරෝනා නීති ජනවාරි 22 සිකුරාදා ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීන් ගේ අවධානය

Queensland Premier Annastacia Palaszczuk addresses the media during a press conference in Brisbane, Thursday, 14 January.
Queensland Premier Annastacia Palaszczuk Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Greater Brisbane කලාපයට පනවා ඇති කොරෝනා නීති එළෙඹෙන සිකුරාදා දිනයේදී ලිහිල් කිරීමට හැකිවෙතැයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීහු විශ්වාස කරති.

බ්‍රිස්බේන් නුවර නිරෝධායන හෝටලයක සේවය කළ පිරිසිදු කිරීමේ කටයුතු වල නියුතු සේවිකාවකට එක්සත් රාජධානියේ නව COVID-19 ප්‍රභේදය අඩංගු වයිරසය වැළදී ඇති බවට පසුගිය මාසයේදී තහවුරු වීමත් සමග Greater Brisbane කලාපයට කොරෝනා නීති පනවා ඒ පිළිබඳ විමර්ශනය කළේය.

පසුගිය දින 11 පුරාම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

නමුත් බ්‍රසීලයේ සිට පැමිණ බ්‍රිස්බේන් නුවර හෝටල් නිරෝධායනයේ යෙදී සිටින එක් පුද්ගලයෙකු හට පමණක් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය පුරාවට සෞඛ්‍ය නීති අනුගමනය කළ Greater Brisbane කලාපයේ වැසියන්ට තමන් ස්තුතිවන්ත වන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now