SKIP TO MAIN CONTENT

වික්ටෝරියා සහ ග්‍රේටර් සිඩ්නි කලාපයට ක්වීන්ස්ලන්ත දේශ සීමා විවෘත වේ, දහස් ගණනක් ප්‍රාන්ත අතර සංචාරයේ

The Victorian-Queensland border will reopen on 1 December.
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

වික්ටෝරියා සහ ග්‍රේටර් සිඩ්නි කලාපයේ වැසියන්ට අද (1 Dec) අළුයම 1 න් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත දේශ සීමාව විවෘත වුනු පසුව  පුද්ගලයින් විශාල සංක්‍යාවක් ක්වින්ස්ලන්තයට යාම  සඳහා සුදානම්ව සිටිබව වාර්තා වේ.

අද දිනයට පමණක් නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වලින් පුද්ගලයින් 6000 ක් පමණ ක්වීන්ස්ලන්තය බලා පිටත්වීමට අභ්‍යන්තර ගුවන් සේවා වල ආසන වෙන්කොට ගෙන තිබුණු බව සඳහන්. ඉදිරි දින කිහිපයේදී මෙය තවත් වර්ධනය වනු ඇතැයි අනුමාන කෙරේ.

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සමාගම පවසා ඇත්තේ නත්තලට පෙර වික්ටෝරියා සහ නිව් සවුත්වේල්ස්  ප්‍රාන්ත වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය බලා යෑම සඳහා ආසන ලක්ෂයක සංක්‍යාවක් දැනටමත් වෙනකොට ඇති බවයි. එසේම ප්‍රාන්ත අතර සංචාරය සඳහා සතියකට ගුවන් ගමන්වාර 410ක් සූදානම් කොට ඇති බව Qantas ගුවන් සමගම පවසා සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now