SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්තයේ ඩෙබී සුළි කුණාටුවේ පශ්චාත් තත්ත්වය : 11:00 AEDT

Queensland’s flooding emergency far from over
Source: SBS

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ක්වීන්ස්ලන්තයේ ඩෙබී සුළි කුණාටුවෙන් පසුව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව සහ දරුණු සුළං සමග විපතට පත් ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් උදා වී තිබේ.

Mackay සහ Proserpine ප්‍රදේශ වල ගංවතුරට කොටුවු පුද්ගලයින් 40 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක් අඛණ්ඩ මෙහෙයුමක නිරතව සිටින බවද වාර්තා වේ.

විපතට පත් ප්‍රදේශ වල පදිංචිකරුවන්ට තම ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස ක්වීන්ස්ලන්ත ගිනි නිවීමේ සහ හදිසි සේවා කොමසාරිස් Katarina Carroll ප්‍රකාශ කරයි.

හදිසි ගංවතුර හේතුවෙන් පාසල් වසා දැමෙයි.

මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතිවී තිබෙන හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පාසල් විශාල සංඛ්‍යාවක් වසා දමා ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව  Agnes Water ප්‍රදේශයේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මායිම දක්වාවූ සියලුම නිරිතදිග ක්වීන්ස්ලන්ත පාසල් වසා දමා තිබේ.

දරුණු කාලගුණය හේතුවෙන් ප්‍රාන්තයේ අනෙකුත් පාසල් වල දරුවන් ද පෙරාතුව පාසල් වලින් රැගෙන යන ලෙස ක්වීන්ස්ලන්ත  පොලිස් කොමසාරිස් Ian Stewart දෙමාපියන් හට දන්වා සිටියි.

විපතට පත් ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට ආපදා සහන පැකේජයන්

ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් උතුරු ක්වීන්ස්ලන්ත ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට ආපදා සහන පැකේජයන් පිරිනැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව නිවේදනය කරයි.

ඒ අනුව ප්‍රාථමික  නිෂ්පාදකයින් හට මෙම පැකේජය යටතේ සහන පොළී අනුපාත යටතේ ආධාර මුදල් සහ භාණ්ඩ ප්‍රවාහන සහනාධාර හිමිවනු ඇත.

මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් එක්ව ක්‍රියාත්මක කරන  ස්වභාවික ආපදා සහන ප්‍රතිසාධන සැකසුම හරහා මෙම සහන  ලබා දෙන බව මධ්‍යම රජයේ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan සහ ක්වීන්ස්ලන්තයේ හදිසි සේවා අමාත්‍ය Mark Ryan පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now