Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2017 ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය හෙටයි.

Queensland election 2017

Source: SBS

ක්වීන්ස්ල්නත ප්‍රාන්ත මැතිවරණය හෙට (25/11) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මිලයන 3.16 ක ඡන්ද දායකයින් හෙට දිනයේදී තම නව ප්‍රාන්ත අගමැති සහ නව රජය තෝරාගනු ඇත.

වත්මන් ප්‍රාන්ත අගමැතිනී කම්කරු පක්ෂයේ ක්වීන්ස්ල්නත නායක Annastacia Palaszczuk, ලිබරල් පක්ෂයේ Tim Nicholls සහ One Nation  පක්ෂයේ ක්වීන්ස්ල්නත නායක Steve Dickson ප්‍රාන්ත අගමැති ධුරයට තරග වදියි.

මේ අතර මෙවර ක්වීන්ස්ල්නත ප්‍රාන්ත මැතිවරණයේදී Pauline Hanson ගේ One Nation පක්ෂය වැඩි ආසන ප්‍රමාණයක් දිනාගනු ඇති බව බොහෝ දෙනාගේ මතය වේ.

මෙවර One Nation පක්ෂයට ආසන 11ක ජයක් අත්දකින්නට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

විරැකියා ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බවත් ජීවන වියදම වැඩි බවත් මෙවර මැතිවරණයේ ප්‍රධාන අර්බුද වන අතර ඒවා සමතයකට පත් කිරීමට සෑම පක්ෂයක්ම පොරොන්දු වී සිටියි.

ක්වීන්ස්ලන්තයේ වඩාත් බහුසංස්කෘතික ආසනය බ්‍රිස්බන් නුවර්ට් ගිනිකොණ දිගින් පිහිටි  Stretton වන අතර එහි ජනගහනයෙන් බාගයක්ම විදේශ රටවල උපත ලැබූ අයවේ.


1 min read

Published

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now