SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණය 2017 : කම්කරු පක්ෂයට නැවතත් බලය හිමිවන ලකුණු

Queensland election 2017
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පසුගිය සෙනසුරාදා (25/11) පැවති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර දැනට ප්‍රකාශිත ප්‍රතිඵල වලින් කම්කරු පක්ෂයේ  ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත නායිකා සහ ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk හට ආසන 43 ක් ජය ගැනීමට හැකියාව ලැබී තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මුළු ආසන සංඛ්‍යාව ආසන 93 ක් වන අතර ඉන් බහුතරය වන ආසන 47 ක් දිනාගැනීමට තම පක්ෂයට හැකිවනු ඇතැයි ඇය විශ්වාසය පළ කරයි.

මේ වන විට තවත් මැතිවරණ බල ප්‍රදේශ කිහිපයක ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව ලිබරල් පක්ෂය මේ වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව ආසන 35 ක් දිනාගෙන ඇති නමුත් අවසානයේදී ඔවුන් ආසන 39 ක් හෝ 40 ක් දිනාගැනීමට අපේක්ෂා කරන බව පැවසේ.

එමෙන්ම One Nation පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය එක් ආසනය බැගින්ද Katter's Australia පක්ෂය ආසන දෙකක්ද දිනා ගැනීමට අපේක්ෂා කරයි.

මේ අතර ක්වීස්නල්න්ත ප්‍රාන්තයේ ලිබරල් පක්ෂ නායක Tim Nicholls  ගේ නායකත්වය මෙම ප්‍රතිඵල වලින් අනතුරුව අහිමිවී යනු ඇතැයිද වාර්තා පවසයි.

SBS සහ ABC පුවත් ඇසුරෙනි 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now