SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා වසා තිබුණු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් අද (10/07) සිට යළි විවෘත කෙරේ

A sign at Tomewin at the border between New South Wales and Queensland.
A sign at Tomewin at the border between New South Wales and Queensland. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය නිසා වසා තිබුණු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් වික්ටෝරියානු ප්‍රාන්තයට හැර සෙසු ප්‍රාන්ත සඳහා අද (10/07) මධ්‍යහනයේ සිට යළි විවෘත කෙරේ.

වසා දැමුණු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කරන ලෙසට පසුගිය මාස කිහිපයේම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් සහ විවිධ ප්‍රාන්ත රජයන් වලින් ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත  රජයට දැඩි බලපෑම් එල්ල විය.

එමෙන්ම වසා දමා ඇති තම ප්‍රාන්ත සීමාවන් නැවත විවෘත කිරීමේ සැලසුම් පිළිබඳ ටස්මේනියා ප්‍රාන්තයද අද දිනයේ වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරනු ඇත.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය ද අද සිට තම ප්‍රාන්ත සීමා ශක්තිමත් කරනු ඇති අතර එමඟින් සංචාරකයින්ට ඇතුළුවීම වඩාත් අපහසු වනු ඇත.

ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන සේවකයින් වැනි ඇතැම් පුද්ගලයින්ට පමණක් ප්‍රාන්තයට ඇතුළු වීමට ඉඩ ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Roger Cook පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now