ක්වීන්ස්ලන්ත මැතිවරණය නිමිති කරගනිමින් ප්‍රාන්තයේ ප්‍රධාන දේශපාලන නායකයින් මුහුණට මුහුණ විවාදයක.

Queensland Election 2017

Source: SBS

ලබන නොවැම්බර් 25 වන දින පැවැත්වීමට නියමිත ක්වීන්ස්ලන්ත මැතිවරණය නිමිතිකරගෙන එහි ප්‍රධාන දේශපාලන පක්ෂ ත්‍රිත්වයේ  නායකයින් සහභාගී වූ ජන හමුව ඊයේ (16/11)  දිනයේදී පැවැත්විණි.

ක්වීන්ස්ලන්ත ජනතාව සමග සෘජුව කතා බහක නිරත  වීමක් එම හමුවේදී සිදුවූ අතර එක් එක් දේශපාලන පක්ෂ වල මැතිවරණ ප්‍රතිපත්ති හා මූලික අරමුණු එහිදී පැහැදිලි කෙරිණි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී  කම්කරු පක්ෂ සාමාජිකා  Annastacia Palaszczuk, විපක්ෂ නායක ලිබරල් පක්ෂ සාමාජික Tim Nicholls සහ One Nation  පක්ෂයේ ක්වීන්ස්ල්නත නායක Steve Dickson ඒ සඳහා සහභාගී විය.

කම්කරු පක්ෂය නැවත බලයට පත් වුවහොත් ප්‍රාන්තයේ රැකියා සහ සේවා යෝජකත්වය පිළිබඳ මූලික අවධානය යොමු කරන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී  Annastacia Palaszczuk එහිදී ප්‍රකාශ කළාය.

මේ අතර ක්වීන්ස්ලන්තය තුළ ඇති සියලු අවස්ථා ක්වීන්ස්ල්නත වාසීන් හට ලබා දිය යුතු බව ලිබරල් පක්ෂ සාමාජික Tim Nicholls පැවසීය.

මෙවර මැතිවරණයෙන්  බලය ලැබුණහොත් ප්‍රාන්ත ජනතාවගේ බලශක්ති වියදම අඩු කිරීමට මූලික වශයෙන් කටයුතු කරන බවත් ජනතාවට වඩා හොඳ ජීවිතයක් අවශ්‍යනම් තම පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙසත් One Nation  පක්ෂයේ ක්වීන්ස්ල්නත නායක Steve Dickson පැවසීය.

කෙසේවෙතත්, එම ජන හමුව අවසානයේ පැවති මත විමසුමේදී 60% ක ප්‍රතිශතයක් ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk (palla-shay) හට මනාපය පළ කර තිබු අතර ලිබරල් පක්ෂ සාමාජික Tim Nicholls හට 12% ක මනාපයක් හිමිවී තිබුණි.

එමෙන්ම One Nation  පක්ෂයේ ක්වීන්ස්ල්නත නායක Steve Dickson හට 10% ක මනාපයක් හිමිවුණු අතර 18% ක පිරිසක් මනාපය පළ නොකර සිටි බවද වාර්තා විය.

SBS පුවත් ඇසුරෙනි.


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now