SKIP TO MAIN CONTENT

නව කොරෝනා ප්‍රබේදය නිසා නිරෝධායනයට "පතල් කඳවුරු" යොදාගැනීමට ක්වීන්ස්ලන්ත අගමැතිනියගෙන් යෝජනාවක්

Queensland Premier Annastacia Palaszczuk addresses the media during a press conference in Brisbane, Thursday, 14 January.
Queensland Premier Annastacia Palaszczuk Source: AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

නව බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රබේදය මගින් ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කරගැනීම සඳහා නගරාශ්‍රිත ප්‍රදේශයෙන් බැහැරව නව නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk යෝජනා කොට තිබේ.

පසුගියදා බ්‍රිස්බේන් හි නිරෝධායන හෝටලයකින් මෙම නව කොරෝනා ප්‍රබේදය වැළඳුනු ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගත් අතර මෙම යෝජනාව සඳහා එම සිදු වීම හේතු වී තිබේ. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසිදු කරන්නියක සහ ඇයගේ සහකරුද මෙම හඳුනාගත් අසාදිත පුද්ගලයින් අතර සිටින බව වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයක් මත නගරාශ්‍රිත ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථාන පැවැත්වීම පැහැදිලි ලෙසම අවදානම් සහිත වන බවයි. මේ හේතුවෙන් ඉඩ ප්‍රස්තාව පවතින, ප්‍රාදේශීය පතල් කඳවුරු මින් ඉදිරියට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට ඇය යෝජනා කොට තිබේ.

ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය සිය යෝජනාව ජනවාරි 22 වන දින ජාතික කැබිනට් මණ්ඩලය වෙත භාරදීමට නියමිතයි.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now