SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්තයට වාර්තාගත වර්ෂාපතනයක්.

Queensland received record rainfall.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය පැය 48 ක කාලය ඇතුළත ක්වීන්ස්ලන්තයට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යට වූ  ප්‍රදේශ කිහිපයක් යථා තත්ත්වයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

පසුගිය ඉරිදා (01/10) රාත්‍රියේ ක්වීන්ස්ලන්තයේ Bundaberg  නගරයට මිලි මීටර් 340 ක වර්ෂාපතනයක් පතිත විය.

එහි ප්‍රතිඵලයක් ලෙස නගරයේ නිවාස 4000 කට පමණ විදුලිය අහිමි වූ අතර ප්‍රාන්ත හදිසි සේවා අංශය අවශ්‍ය සහය හැකි ඉක්මණින් ලබා දීමට කටයුතු කළේය.

මීට අමතරව  Bundaberg සහ Maryborough අතර කලාපයට සහ Roma  හි ඇතුල් නගරයට ද මිලිමීටර් 250 කට අධික වර්ෂාපතනයක් පතිත වූ බව වාර්තා වේ.

මෙම අයහපත් කාලගුණික තත්ත්වය කෙමෙන් කෙමෙන් ක්වීන්ස්ලන්තයෙන් පහව යන නමුත් එය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත ලඟා වන බව ට තොරතුරු අනාවරණය වී ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now