ඕස්ට්‍රේලියාවේ කොරෝනා නිසා ඇරෙන වැසෙන ප්‍රාන්ත දේශ සීමා: අගෝස්තු 1 වැනිදා සිට නිව් සවුත් වේල්සයට ක්වීන්ස්ලන්ත දේශසීමා වැසේ (SBS සිංහල /වාර්තා)

Queensland Premier Annastacia Palaszczuk is seen during a press conference at Parliament House in Brisbane, Monday, June 15, 2020. (AAP Image/Dan Peled) NO ARCHIVING

Queensland Premier Annastacia Palaszczuk Source: AAP

අගෝස්තු මස 1 වැනිදා උදැසන 1 සිට මෙලෙස සිය දේශ සීමා වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය තීරණය කොට තිබේ.අගෝස්තු මස 1 වැනිදායින් පසුව ප්‍රාන්තයට ඇතුළු වන ක්වීන්ස්ලන්ත වැසියන්ද සිය මුදලින් දින 14ක හෝටල් නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ක්‍රමයෙන් ඉහල යන රෝගීන්ගේ සංක්‍යාව මෙම හදිසි තීරණයට හේතු වූ බව ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk පවසයි. ඇය පෙන්වා දෙන්නේ සිය ප්‍රාන්ත වැසියන්ගේ ආරක්ෂාව තමා පළමු කොට සලකන බවයි.

මින් පෙර සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Fairfield, Campbelltown සහ Liverpool යන ප්‍රදේශ කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්තව පවතින ප්‍රදේශ ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නම් කොට තිබිණ. නමුත් අගෝස්තු මස 1 වැනිදා සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ 31ක් කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්තව පවතින ප්‍රදේශ ලෙස නම් කරන බව Annastacia Palaszczuk සනදහන් කොට තිබේ.

මෙම තත්වය ඇතැම් පුද්ගලයින්ට දැඩි අපහසුතාවයක් වීමේ හැකියාවක් පැවතියද මෙම තීරණය ඉතා වැදගත් වන බව ඇය සඳහන් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය පෙර දැනුම් දීමක් සිදු නොකළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසන අතර ඇය පෙන්වා දෙන්නේ එලෙස පෙර දැනුම් දීමක් සිදු කලේ නම් යහපත් වන බවයි.

NSW Premier Gladys Berejiklian speaks to the media
NSW Premier Gladys Berejiklian Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල නව කොරෝනා රෝගීන් 19 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු පමණක් හෝටල් නිරෝධායනයේ පසු වූවන් වේ.

මේ වන විට ක්වීන්ස්ලන්ත දේශසීමා නීති උල්ලන්ඝනය කරමින් ක්වීන්ස්ලන්තයට ඇතුළු වූ කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. මොවුන් Sydney හරහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වී තිබේ. මොවුන් දින 8 ක කාලයක් සාමාන්‍ය ලෙස ජනතාව අතර ගමන් කොට ඇති අතර මෙම සිදුවීම පිලිබඳව තමන් දැඩි සේ කණගාටු වන බව ක්වීන්ස්ලන්ත ප්‍රධාන සෞක්‍ය නිලධාරී Jeanette Young පවසයි.

කාන්තාවන් මේ වන විට Princess Alexandra රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ හේතුවෙන් වෙළඳ සල්, අවන්හල්, පාසලක් සහ එක් පල්ලියක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

දකුණු බ්‍රිස්බේන් හි, විශේෂයෙන් Logan සහ Springfield Lakes යන ප්‍රදේශ වල යම් අයකු වෛරස රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම පරීක්ෂණයකට මුහුණ දෙන ලෙස සෞක්‍ය බලධාරීන් ඉල්ලා සිටී.

 


Share

2 min read

Published

Updated

By Evan Young, Emma Brancatisano, Nipuna Dodangoda




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now